ඩෙංගි මදුරුවා ගැන අලුත් අනාවරණයක් - දෂ්ඨ කරන වෙලාවේ වෙනසක් සියලු දෙනාටම දැනුවත් කිරීමක්

Report

ඩෙංගු රෝගය ව්‍යාප්ත කරන මදුරුවන් සක්‍රීය වන සහ මිනිසුන්ට දෂ්ට කරන වේලාවන්හි පැහැදිලි වෙනස් වීමක් සිදුව ඇති බව නවතම විද්‍යාත්මක පර්යේෂණ ඇසුරින් අනාවරණය වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නන්ගර මහතා ප්‍රකාශ කරයි.

අතීතයේදී ඩෙංගු වාහක මදුරුවන් වඩාත් සක්‍රීය ලෙස හැසිරුණේ සූර්යයා උදාවන සහ හිරු බැස යන සන්ධ්‍යා කාල සීමාවන්හිදී වුවද, වර්තමාන පර්යේෂණ දත්තවලට අනුව මෙම මදුරුවන් පෙරවරු 6:00 සිට දහවල් 11:00 දක්වා වූ කාලය තුළ ඉතාමත් සක්‍රීය මට්ටමකින් පසුවන බව සොයාගෙන තිබේ.

මාළු මිල ඉහළට - නව මිල මෙන්න

මාළු මිල ඉහළට - නව මිල මෙන්න

උදෑසන කාලය යනු පාසල් සිසුන් මෙන්ම පොදු මහජනතාව ද දෛනික වැඩකටයුතු වෙනුවෙන් බාහිර සමාජ පරිසරය තුළ බහුලවම ගැවසෙන සහ ක්‍රියාශීලී වන ප්‍රධානතම හෝරාවන් බැවින්, මෙම වෙනස් වීමත් සමඟ මදුරුවන් දෂ්ට කිරීමට ඇති ප්‍රවණතාව සහ වසංගතය වැළඳීමේ අවදානම ඉහළ ගොස් ඇත.

හෙට සිට ජූලි 10 මුළු රටම ආවරණය වන පරිදි විශේෂ වැඩසටහනක් - රටේ ජනතාව දැනුවත් වෙන්න

හෙට සිට ජූලි 10 මුළු රටම ආවරණය වන පරිදි විශේෂ වැඩසටහනක් - රටේ ජනතාව දැනුවත් වෙන්න

වර්තමානයේදී පවා ඇතැම් පාසල් භූමි තුළින් ඩෙංගු මදුරු කීටයන් අධික ලෙස වාර්තා වන බව පෙන්වා දෙන වෛද්‍ය කන්නන්ගර මහතා, මේ හේතුවෙන් විශේෂයෙන්ම පාසල් වියේ පසුවන දරුවන් මෙම දරුණු සෞඛ්‍ය අවදානමට සෘජුවම ගොදුරු වීමේ තර්ජනයක් පවතින බව දැඩිව අවධාරණය කළේය.