නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක් - පාසල් දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන්
ලබන වසර තුළ ක්‍රියාත්මක වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වූ සියලුම මූලික සූදානාම් වීම් මේ වන විට සැලසුම් සහගතව අවසන් කරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
පාසලෙන් ලෝකයට යන සෑම දරුවෙකුටම තමන් සතු සහජ දක්ෂතාවලට ගැලපෙන වෘත්තිය වෙළෙඳපොලේ ඉහළ ඉල්ලුමක් ඇති වෘත්තිය සහ තාක්ෂණික පුහුණුව ලබා දීම අනිවාර්ය ඉලක්කය බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේය.
ඇය මේ බව සඳහන් කළේ බලංගොඩ විද්‍යාලෝක මධ්‍ය විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම වෙනුවෙන් මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමින්ය.