උපන්දින සාදය ලෙයින් තෙත් කළ සාදය අස්සේ ඇතිවූ මාරාන්තික රණ්ඩුව - පාටිය මරණ ගෙයක් වෙයි
By Kanchana
කඩවත, ඉහළ බියන්විල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 54ක් කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අදාළ පුද්ගලයා ඔහුගේ සහෝදරයෙකුගේ උපන්දින සාදයකට සහභාගි වී ඇති අතර එහිදී ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ
තවද මෙලෙස පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු රාගම රෝහලට ඇතුළත් කර ඇත මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ඒ වගේම අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.