ක්‍රිකට් ලෝකයම හොල්ලන 10 වන කාන්තා ලෝක කුසලාන සටන- ඉතිහාසය අලුත් කරන තීරණාත්මක දිනය අදයි

Report

 2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (05) ලෝඩ්ස් ක්‍රීඩංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත .

එම තරග පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය යන කණ්ඩායම් අතරය.

කාන්තා විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 10වන වරට වන අතර ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අවස්ථා 6කදී එම ශූරතාව දිනාගෙන තිබේ.

ලෝක ප්‍රසිද්ධ සිල්වර්ස්ටෝන් ධාවන පථය හොල්ලමින් ලංකාවේ යෙවන් ඩේවිඩ් 2 වැනි ස්ථානය දිනාගනී

ලෝක ප්‍රසිද්ධ සිල්වර්ස්ටෝන් ධාවන පථය හොල්ලමින් ලංකාවේ යෙවන් ඩේවිඩ් 2 වැනි ස්ථානය දිනාගනී

 එංගලන්ත කණ්ඩායම ලෝක කුසලානය එක්වරක් පමණක් ජයගෙන ඇති අතර එය ලෝඩ්ස් ක්‍රීඩංගණයේ වීමත් විශේෂත්වයකි.

මේ අතර එංගලන්ත කාන්තා කණ්ඩායම අවස්ථා තුනකදී අනුශූරයින් වී ඇති අතර ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම එක් අවස්ථාවකදී අනුශූරයින්වී ඇත.

මෙම කණ්ඩායම් දෙකට අමතරව පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය හිමිකරගෙන ඇත්තේ නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් පමණය.

කණ්ඩායම් දෙකම පළමු වටයේ පැවති සියලු තරග ජය ගනිමින් අපරාජිතව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබීමත් විශේෂත්වයකි.