රට පුරා එකවර ගැසූ දැවැන්ත පොලිස් දැල- වරෙන්තුකරුවන් 400කට වැඩි පිරිසක් කොටු

Report

අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් ආරම්භ කර ඇති දෛනික සෝදිසි මෙහෙයුම් මගින් සැකකරුවන් 780ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කර තිබේ.

පොලීසිය විසින් ඊයේ (04) දිනයේදී පුද්ගලයින් 27,965ක් පරීක්ෂාවට ලක් කර තිබේ එහිදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය සදහන් කළේ මෙම සැකකරුවන්ගෙන් අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයින් 20ක් හඳුනාගත් අතර විවෘත වරෙන්තුකරුවන් 415ක්ද අත්අඩංගුවට ගත් බවයි

එමෙන්ම මෙම සෝදිසි මෙහෙයුමේදී බීමත්ව රිය පැදවීමේ චෝදනා මත පුද්ගලයින් 56ක් සහ අපරික්ෂාකාරීව රිය පැදවීමේ චෝදනා මත පුද්ගලයින් 119 දෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත

තවද වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 4,030කට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලීසිය සදහන් කරයි