ශ්‍රී ලාංකාව ගැන ආන්දෝලනාත්මක් හෙළිදරව්වක් - ශ්‍රී ලංකාව යට සැගවුණු භූ ස්ථරයක්
ශ්‍රී ලංකා භූමියට යටින් කිලෝමීටර් 100ත් 200ත් අතර ගැඹුරක සැඟවී පවතින ඉපැරණි භූ ස්ථරයක් සොයා ගැනීමට ජාත්‍යන්තර හා දේශීය විද්‍යාඥයන් කණ්ඩායමක් සමත්ව තිබේ.
පැරිසියේ පෘථිවි භෞතික විද්‍යා ආයතනයේ ගාඕෂන් ගෝ, චීන විද්‍යා ඇකඩමියේ ලිතෝස්ෆියර් පරිණාමය පිළිබඳ රාජ්‍ය ප්‍රධාන විද්‍යාගාරයේ හයිචියැං ලෑන්, භූ විද්‍යා ආයතනයේ ලෙයි ෂාඕ සහ පේරාදෙණියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සංජීව පී. කේ. මලවිආරච්චි යන මහත්වරුන් ඇතුළු විද්‍යාඥ කණ්ඩායමක් විසින් මෙම සොයාගැනීම සිදුකර ඇත.
හෙටයි අනිද්දයි ලංකාවට වෙන්න යන දේ ගැන දැන්මම රතු එළි - ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක පුද්ගලයින්ට වහාම ඉවත් වෙන්නයි නිවේදන
දිවයින පුරා ස්ථාපිත භූ කම්පන මධ්‍යස්ථාන 33ක දත්ත සූක්ෂ්ම ලෙස විශ්ලේෂණය කිරීමෙන් මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
මීට වසර මිලියන ගණනකට පෙර අප්‍රිකාව, දකුණු ඇමෙරිකාව, ඉන්දියාව, ඇන්ටාක්ටිකාව සහ ඕස්ට්‍රේලියාව එකට යා කරමින් පැවැති ‘ගොන්ඩ්වානා’ මහා මහාද්වීපය නිර්මාණය වීමේදී පෘථිවි අභ්‍යන්තරයට තල්ලු වූ පුරාණ භූ තැටියක කොටසක් මෙලෙස ආරක්ෂිතව ඉතිරි වී ඇති බවට විශ්වාස කෙරේ.
පෘථිවියේ අතීත භූමිකම්පා සහ ශ්‍රී ලංකාව ගොන්ඩ්වානා මහාද්වීපයේ කොටසක් බවට පත්වූ ආකාරය පිළිබඳව අවබෝධ කරගැනීමට මෙම නව සොයාගැනීම මහඟු රුකුලක් වනු ඇත.