අත්‍යවශ්‍ය ඖෂධ 33ක් හිගයි.. රෝගීන්ට රජයෙන් භයානක ආරංචියක්
ශ්‍රී ලංකාවේ භාවිත වන අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 618 අතුරින් ඖෂධ වර්ග 33 ක හිඟයක් මේ වන විට පැවතිය ද, ජීවිතාරක්ෂක ඖෂධ වර්ග 13 ම හිඟයකින් තොරව පවතින බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කර ඇති බව වාර්තා වේ.
ඒ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
එසේම ඔහු මෙහිදී පෙන්වා දී ඇත්තේ රෝහල්වල දෛනික ප්‍රතිකාර කටයුතු කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම තහවුරු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඖෂධ වර්ග 886 කින් යුත් විශේෂ ප්‍රමුඛතා ලේඛනයක් හඳුන්වා දී ඇති බවයි.
ගුරු සංවර්ධන නිලධාරීන්ව නිශ්චිතව ගුරු සේවයට බඳවා ගන්නවා කිව්වා.. විභාගේ ප්‍රතිඵල ඔන්න මෙන්න තියාන ගුරු ප්‍රශ්නෙන් මැති සබේ ඇවිලෙයි
එමෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ වශයෙන් වර්ගීකරණය කර ඇති ඖෂධ වර්ග 618 න් වර්ග 585 ක්ම මේ වන විටත් රෝහල් සහ සෞඛ්‍ය ආයතන සතුව පවතින බව සඳහන් කළ අමාත්‍යවරයා, හිඟව පවතින සෙසු ඖෂධවල බලපෑම අවම කිරීමට දේශීය ලෙස ඖෂධ මිලදී ගැනීමට රජය අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බව ද පැහැදිලි කර ඇත.
එමෙන්ම පවතින ඖෂධ හිඟය කඩිනමින් විසඳීමට රජය අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බවට සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ වැඩිදුරටත් සහතික වී ඇති බව සඳහන්.