ටීස්ටා ගඟේ සැඩ පහරට හසු වූ දින 4ක අලි පැටවා ධීවරයන්ගේ ජීවිත පරදුවට තැබූ මෙහෙයුමකින් බේරාගනියි [VIDEO]

Report

ඊසානදිග ඉන්දියාවේ ටීස්ටා (Teesta) ගඟේ ප්‍රබල දිය පහරට හසුව ගසාගෙන ගිය දින 3–4ක් පමණ වයසැති අලි පැටවෙකු, ප්‍රදේශයේ ධීවරයින් පිරිසක් විසින් සිදු කළ අවදානම් සහගත මෙහෙයුමකින් බේරාගෙන තිබේ.

ගඟ තරණය කිරීමේදී මවගෙන් වෙන් වූ මෙම අලි පැටවා, ටීස්ටා බැරේජ් (Teesta Barrage) හි ඉහළ ප්‍රදේශයේ සිට පහළට ගසාගෙන ගොස් ඇති අතර, දිය පහර මැද අසරණව සිටියදී ධීවරයින්ගේ නෙත ගැටී ඇත.

අජේ දාස්, රාජේෂ් දාස්, ගෝපාල් දාස්, මිට්ටු දාස් සහ බිෂ්වනාත් දාස් යන ධීවරයින්, දැඩි දිය පහර නොතකා ඉදිරිපත්ව පැටවා ජලයෙන් ගොඩගෙන, ගඟ මැද පිහිටි ආරක්ෂිත දූපතකට රැගෙන ගොස් තිබේ.

පසුව බයිකුන්තපූර් (Baikunthapur) වන සංරක්ෂණ අංශයේ නිලධාරීන්ද මෙහෙයුමට එක්වී අලි පැටවාගේ මව සොයා සෙවීම ආරම්භ කර ඇත. මව සොයමින් පැටවා නිරන්තරයෙන් හඬ නැඟීම, සෙවුම් කණ්ඩායමට මව සිටින ප්‍රදේශය හඳුනා ගැනීමට උපකාර වී තිබේ.

පැය දෙකකට ආසන්න කාලයක් පැවති සෙවුම් මෙහෙයුමකින් අනතුරුව, ගජෝල්ඩෝබා (Gajoldoba) ප්‍රදේශයේ ටීස්ටා ගංගා දූපත් ආශ්‍රිතවදී අලි පැටවා සිය මව සමඟ සාර්ථකව නැවත එක් කිරීමට ගලවා ගැනීමේ කණ්ඩායම සමත් වී තිබේ.

මෙම සිදුවීම වනජීවී සංරක්ෂණය සහ මනුෂ්‍යත්වය පිළිබඳ සංවේදී උදාහරණයක් ලෙස ප්‍රදේශවාසීන්ගේ පැසසුමට ලක්ව තිබේ.

වාහනයේ පසුපස මැද ආසනයටත් අමතර ආසන පටි සවි කරගන්න පුළුවන්- නව ආසන පටි නීතිය ගැන ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායකගෙන් පැහැදිලි කිරීමක්

වාහනයේ පසුපස මැද ආසනයටත් අමතර ආසන පටි සවි කරගන්න පුළුවන්- නව ආසන පටි නීතිය ගැන ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායකගෙන් පැහැදිලි කිරීමක්

විශ්‍රාමික නිලධාරියා අනතුරේ - රාජ්‍ය බැංකුවේ ඇප් එකෙන්ම ලක්ෂ ගාණකට වග කියන අපරාධකරුවන්

විශ්‍රාමික නිලධාරියා අනතුරේ - රාජ්‍ය බැංකුවේ ඇප් එකෙන්ම ලක්ෂ ගාණකට වග කියන අපරාධකරුවන්

ඉදිරි පැය 36 තුළ නිරිතදිග ප්‍රදේශවලට තද වැසි සහ සුළං - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අනාවැකියක්

ඉදිරි පැය 36 තුළ නිරිතදිග ප්‍රදේශවලට තද වැසි සහ සුළං - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අනාවැකියක්