ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංවිධාන පනත් කෙටුම්පත ගැසට් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංවිධාන පනත් කෙටුම්පත ගැසට් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය, නියාමනය, ප්‍රවර්ධනය සහ පරිපාලනය වඩාත් විධිමත් කිරීම මෙම පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණයි.

විශේෂ ආරක්ෂාවක් මැද මුළු රටම ඇඟිලි ගැන්න මොහොත - පාස්කු මහ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ඇරඹෙයි

විශේෂ ආරක්ෂාවක් මැද මුළු රටම ඇඟිලි ගැන්න මොහොත - පාස්කු මහ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ඇරඹෙයි

යහපාලනය, සුපිළිපන්නභාවය, විනිවිදභාවය සහ වගකීම් සහගතභාවය යන මූලධර්ම පදනම් කරගනිමින්, ක්‍රිකට් ක්‍රීඩාව දූෂණයෙන් හා අනිසි ක්‍රියාකාරකම්වලින් ආරක්ෂා කිරීමටත්, ක්‍රීඩාවට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගේ සුබසාධනය තහවුරු කිරීමටත් අවශ්‍ය නීතිමය බලතල මෙමඟින් හිමිවේ.

2026 ජුනි 8 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබාදුන් තීරණයකට අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද මෙම පනත් කෙටුම්පත සඳහා මේ වන විට නීතිපතිවරයාගේ නිෂ්කාශනය ද ලැබී තිබේ.

හෙටයි අනිද්දයි ලංකාවට වෙන්න යන දේ ගැන දැන්මම රතු එළි - ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක පුද්ගලයින්ට වහාම ඉවත් වෙන්නයි නිවේදන

හෙටයි අනිද්දයි ලංකාවට වෙන්න යන දේ ගැන දැන්මම රතු එළි - ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක පුද්ගලයින්ට වහාම ඉවත් වෙන්නයි නිවේදන