අපි මුක්කු ගහන් නෑ -දිලිත්

Report

 පළාත් පාලන මැතිවරණයේ ලැබුණු ප්‍රතිඵලය අනුව වඩාත් උද්දාමයට පත්විය යුතු කණ්ඩායම වන්නේ සර්ව ජනබලය බව එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසනවා. සර්ව ජනබලය පළාත් පාලන ආයතන 226කට තරග කළ බවත්, එයින් ආසන 227 ක් ලැබී ඇති අතර, සිය පක්ෂයට 4% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබී ඇති බවයි මාධ්‍ය හමුවක‍ට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ.

විදුලි බිලේ නවතම තත්ත්වය -රජයේ ස්ථාවරත්වය මොකද්ද ?

විදුලි බිලේ නවතම තත්ත්වය -රජයේ ස්ථාවරත්වය මොකද්ද ?

ජනතා විමුක්ති පෙරමුණට 3% ලබා ගැනීමට අවුරුදු 57 ක් ගිය අතර සර්ව ජන බලය මාස හතකින් 4% ක් ලබාගෙන ඇති බවද ඔහු පවසා සිටියා. සිය පක්ෂය පළාත් පාලන ආයතනවල පැවැත්මට බාධා කරන කණ්ඩායමක් බවට පත් ‍නොවන බවද, ඒ ඒ පළාත් පාලන ආයතනවලට පත්වී ඇති පුද්ගලයින් හා තවත් කරුණු සලකා බලා, අවශ්‍ය වුවහොත් තීරක බලය ලබාදීමට කටයුතු කරන බවද, කා හටවත් මුක්කු ගැසීමේ බලාපොරොත්තුවක් ‍නොමැති බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

ජපුර සිසුවාට පහරදුන් සිසුන්ට ලැබුණු නියෝගය

ජපුර සිසුවාට පහරදුන් සිසුන්ට ලැබුණු නියෝගය

උදව් කරන්නේ සමගි ජන බලවේගයට ද ජාතික ජන බලවේගයට ද යන්න නොව, තමන් උදව් කරන්නේ මිනිසුන්ට බවත්, ඒ සඳහා ගත යුතු හොඳම තීරණය ගන්නා බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර වැඩිදුරටත් සඳහන් කර සිටියේ‍.