සජබ හෝ ඕනෑම පක්ෂයක් සමග සාකච්ඡා කරන්න අපි සූදානම් – එජාප නියෝජ්‍ය නායක

Report

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සජබ හෝ වෙනත් ඕනෑම පක්ෂයක් සමග සාකච්ඡා කරන්න අපි ඉදිරිපත් වන බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඊයේ පැවසීය. කොළඹ මල් පාරේ පිහිටි එජාප නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කීය.

මන්ත්‍රී විශ්‍රාම වැටුපත් කැපෙන ලකුණු....

මන්ත්‍රී විශ්‍රාම වැටුපත් කැපෙන ලකුණු....

ප්‍රථමයෙන්ම මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඡන්දය භාවිතා කළ සියලුදෙනාටම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මෙවර පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩු පක්ෂයට ජනතාව පණිවිඩයක් දී තිබෙනවා.

ඒ අනුව ගත්තොත් ආණ්ඩුව ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් විපක්ෂයේ කණ්ඩායම් ලබාගෙන තිබෙනවා. මේකෙන් අපිට පැහැදිලි වෙන්නේ ආණ්ඩුව කියපු පච දැන් ජනතාවට අවබෝධව වී ඇති බව යැයි ද ඔහු කීය.

අභිනව පාප් වහන්සේ ඇමරිකාවෙන්

අභිනව පාප් වහන්සේ ඇමරිකාවෙන්