අභිනව පාප් වහන්සේ ඇමරිකාවෙන් [update] [Photo]

By Mithu May 08, 2025 11:10 PM GMT
Report

වතිකානුවෙන් සුදු දුමාරයක් නව පාප් වහන්සේ පත්වේ.

නව පාප් වහන්සේ තෝරාගෙන තිබේ. එය සංකේවත් කරමින් වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දුම් කවුළුවෙන් සුදු දුමාරයක් නිකුත් වී තිබේ.

නව විභාග කොමසාරිස් ජනරාල් පත්කිරීම සඳහා කැබිනට් අනුමැතිය

නව විභාග කොමසාරිස් ජනරාල් පත්කිරීම සඳහා කැබිනට් අනුමැතිය

ඒ අනුව නව පාප් වහන්සේ ඉදිරි පැයේදී ශාන්ත පීතර චතුරශ්‍රයට ඉහළින් ඇති බැල්කනියේ පෙනී සිටිනු ඇතැයි විදේස් වාර්තා සඳහන් කරයි.

මේ වනවිට ශාන්ත පීතර චතුරශ්‍රයේ රැඳී සිටින ජනතාාව ප්‍රීති ඝෝෂා නගමින් සිටින බව වාර්තා වේ. 

අපි කිසිම දේශපාලන පක්ෂයක් සමග මුක්කු ගහන්නෑ

අපි කිසිම දේශපාලන පක්ෂයක් සමග මුක්කු ගහන්නෑ

අභිනව පාප් වහන්සේ ඇමරිකාවෙන්

දෙදිනක් පැවති පාප්වරණයකින් අනතුරුව අභිනව පාප් වහන්සේ ලෙස අමෙරිකාවේ රොබට් ප්‍රෙවොස්ට් පත්ව තිබේ. 69වන වියේ පසුවන උන් වහන්සේ අමෙරිකාවෙන් තේරීපත් වූ පළමු පාප්වරයා වේ. ඒ අනුව බිලියන 1.4ක් වූ ලොව පුරා කතෝලික ප්‍රජාව වෙනුවෙන් උන් වහන්සේ නායකත්වය දෙනු ඇත.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් අනතුරුව අභිනව පාප් වහන්සේ තෝරාගනු ලැබීය. 88 හැවිරිදි වියේ පසුවූ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඉකුත් අප්‍රේල් 21වනදා වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදී ස්වර්ගස්ථ විය. ඒ පෙරදිනය දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයට උන්වහන්සේ එක්වීමෙන් අනතුරුවය.

ව්‍රායිට කොළඹ පුරපතිකම හීනයක් වෙයි?

ව්‍රායිට කොළඹ පුරපතිකම හීනයක් වෙයි?

GalleryGalleryGallery