ප්‍රවීණ ගී පද රචක රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ වතුර එකට කෙළ ගහලා - ලොකු ප්‍රශ්නයක්
හොරණ නගර සභාව මගින් සංවිධානය කරන ලද සාහිත්‍ය මහෝත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වීමට පැමිණි ප්‍රවීණ ගී පද රචක මෙන්ම ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතා පානය කිරීමට සූදානම් වූ ජල වීදුරුවකට එහි සිටි අයෙකු විසින් කෙළ ගැසූ පුවතක් හොරණ ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.
ඒ අනුව ඉකුත් ඔක්තෝබර් 31 වන දින පස්වරුවේ හොරණ නගර ශාලා ශ්‍රවණාගාරයේදී මෙම සාහිත්‍ය මහෝත්සවය පවත්වා තිබෙනවා.
එදින පස්වරු 3.30 ට පමණ ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ ප්‍රධාන දේශනය පැවැත්වීමට කටයුතු යොදා ඇත.
එහෙත් පැය තුනකට අධික කාලයක් යනතුරුත් ඔහුට දේශනයට අවස්ථාව ලබා දී නැති බව වාර්තා වේ.
එනිසා ඒ මහතා උත්සවයේ සංවිධායක මණ්ඩලයේ කිහිප දෙනෙකුට දෝෂාරෝපණය කර ඇති බව ද ආරංචි වුණා.
අනතුරුව රාත්‍රී 7.00 ට පමණ දේශනය සිදු කිරීමට අවස්ථාව ලැබුණු පසු තමන්ට පානය කිරීමට ජල වීදුරුවක් ගෙන එන මෙන් රත්න ශ්‍රී මහතා තම රියදුරුට දැනුම් දී තිබෙනවා.
එහිදී උත්සවයේ සංග්‍රහ කටයුතුවලට යොදවා සිටි කාන්තාවන් දෙදෙනෙකු එම ජල වීදුරුව රැගෙන යාමට සූදානම් වූ විට සංවිධායක මණ්ඩලයේ සිටි අයෙකු එම ජල වීදුරුවට කෙළ ගසන අයුරු ඔවුන් දැක ඇති බව පවසයි.
එනිසා කම්පනයට පත් එම කාන්තාවන් දෙදෙනා ජල වීදුරුව රැගෙන යාම ප්‍රතික්ෂේප කර හඬා වැටී ඇති බව ද සඳහන්.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රත්න ශ්‍රී විජේසිංහ මහතා විසින් තමන් ආරාධනා ලැබූ වේලාවටත් වඩා මිනිත්තු 30 කට පෙර පැමිණියද, නිවේදකයා අනවශ්‍ය දේ පවසමින් කාලය කා දැමීම නිසා තම දේශනය පැයකටත් වඩා ප්‍රමාද වූ බව පවසා ඇති බව සඳහන්.
එනිසා ඒ සම්බන්ධයෙන් තමන් සංවිධායක මණ්ඩලයට විරෝධය පළ කළ බව ද ඔහු ප්‍රකාශ කළ බව වාර්තා වේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් රත්න ශ්‍රී මහතා, හොරණ නගරාධිපතිවරයා සම්බන්ධ කර ගැනීමට කිහිප විටකදීම උත්සාහ කළද එය ව්‍යර්ථ වූ බවත් එබැවින් මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසත් නගර සභාවෙන් ඉල්ලා ඇති බව පවසයි.
ඒ අනුව හොරණ නගරාධිපති අනිල් ඉන්දික මහතා සඳහන් කළේ ප්‍රවීණ ගී පද රචක රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ ජල වීදුරුවට කෙළ ගැසීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවයි.