නුවරඑළියේ ජලාශ කිහිපයක ජල මට්ටම සීඝ්‍රයෙන් පහළට

Report

වියළි කාලගුණයේ බලපෑම හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජලාශ කිහිපයක ජල මට්ටම සීඝ්‍රයෙන් පහළගොස් ඇත.

මේ දිනවල නුවරඑලිය දිස්ත්‍රික්කයේ ඉහළ කොත්මලේ ජලාශය මෙන්ම ඩෙවෝන් සහ සෙන් ක්ලෙයාර් දිය ඇලිවල ද ජල ධාරිතාව පහළ ගොස් ඇති බව වාර්තා වී තිබේ.

තවද ඉහළ කොත්මලේ ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ යාම හේතුවෙන් විදුලි උත්පාදනයට ද බාධා පැමිණ ඇති බව සඳහන් වේ.

ඒ වගේම පවතින අධික උෂ්ණත්වය නිසා දිවයිනේ ප්‍රදේශ රැසක වැව්, ගංගා, දිය ඇළි සහ ජලාශවලද ජල මට්ටම් සීඝ්‍රයෙන් පහළ ගොස් ඇත.

බඹර ප්‍රහාරයකට ලක්වූ සිසුන් 10ක් රෝහලේ

බඹර ප්‍රහාරයකට ලක්වූ සිසුන් 10ක් රෝහලේ

උණුසුම් කාලගුණික තත්වය තව දුරටත්

උණුසුම් කාලගුණික තත්වය තව දුරටත්