හෙට ප්‍රදේශ කිහිපයකට පැය 13ක ජල කප්පාදුවක්

colombo matara water
By Sewvandhi Oct 15, 2021 12:26 PM GMT
Sewvandhi

Sewvandhi

Report

හෙට (16) කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ජලය සැපයීම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව හෙට උදෑසන 8 සිට පැය 13ක් කොළඹ 9, 10, 11, 12 සහ 13 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇති. අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් මීට හේතුවයි.

එමෙන්ම , මාතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ මාලිම්බඩ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

ඒ අනුව අනිද්දා (17) පැය 8ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවනු ඇති. අනිද්දා පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා පහත ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවන බව සඳහන්.

මාතර ජල සම්පාදන ක්‍රමය – කැකනදුර, වේරහේන

දෙවිනුවර ජල සම්පාදන ක්‍රමය – තල්පාවිල, කැකනදුර, ගන්දර ප්‍රදේශ

කෝට්ටේගොඩ ජල සම්පාදන ක්‍රමය – කෝට්ටේගොඩ, රත්මලේ, හුන්නදෙනිය, පාතේගම

දික්වැල්ල ජල සම්පාදන ක්‍රමය – දික්වැල්ල, කුඩාවැල්ල .

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now