අද මධ්‍යම රාත්‍රියේ ප්‍රදේ්ශ රැසකට වසර දෙකකට පසුව සිදු වන දේ..මෙම ප්‍රදේශ වල ජනතාව සූදානමින් ඉන්න..

By Aruna Sep 27, 2024 03:39 AM GMT
Report

වසර දෙකකට පසු, සිදු කෙරෙන නඩත්තු හා මෙහෙයුම් කටයුතු හේතුවෙන් පොල්ගොල්ල ජලාශය අද මධ්‍යම රාත්‍රියේ හිස් කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වනවා.

මහවැලි අධිකාරියේ ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී.එම් ධර්මදාස කියා සිටියේ, එහි ජලය, මහවැලි ගඟට මුදාහැරෙන අතර, මසුන් ඇල්ලීමට මෙන්ම ක්‍රීඩා කිරීමට ජලාශයට සහ ගංඟාවට බැසීමෙන් වළකින ලෙසයි.

විභාග ප්‍රතිඵල සහ පාසල් සම්බන්ධයෙන් ගන්න යන විශේෂ වෙනස මෙන්න..නව අගමැතිවරියගෙන් දැනුම්දීමක්.

විභාග ප්‍රතිඵල සහ පාසල් සම්බන්ධයෙන් ගන්න යන විශේෂ වෙනස මෙන්න..නව අගමැතිවරියගෙන් දැනුම්දීමක්.


ජලාශයේ ගේට්ටු අනිද්දා පස්වරු හයට වසා දැමෙන අතර, නඩත්තු කටයුතු නිසා අද මධ්‍යම රාත්‍රියේ සිට පොල්ගොල්ල වේල්ල හරහා දිවෙන මාර්ගයද වසා තැබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර පොල්ගොල්ල ජලාශය හිස් කිරීම හේතුවෙන් ඉන් ජලය සපයන ප්‍රදේශවලට හෙට අලුයම එකේ සිට ලබන 30 වනදා පස්වරු හය දක්වා පැය 65 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනු ලබයි.

මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ,

මහනුවර මහනගර සභා බල ප්‍රදේශය, හාරිස්පත්තුව, පූජාපිටිය, පාතදුම්බර, අකුරණ, රජවැල්ල, සිරිමල්වත්ත, අම්පිටිය, අමුණුගම, හන්තාන, වළල සහ මාවතගම යන ප්‍රදේශවලටයි.