විභාග ප්‍රතිඵල සහ පාසල් සම්බන්ධයෙන් ගන්න යන විශේෂ වෙනස මෙන්න..නව අගමැතිවරියගෙන් දැනුම්දීමක්.

Report

අධාපනය සඳහා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරීමට රජය තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නේ, අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජනතාව තුළ ඇතිවී තිබෙන අවිශ්වාසය නැතිකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට නිලධාරින්ට උපදෙස් දුන් බවයි.

රජයේ නිලධාරීන්ට වැඩට යන්න ත්‍රීවීල් දෙන්න..අලුත්ම යෝජනාව මෙන්න.

රජයේ නිලධාරීන්ට වැඩට යන්න ත්‍රීවීල් දෙන්න..අලුත්ම යෝජනාව මෙන්න.


මෙතෙක් ප්‍රමාද වු සියලු විභාග ප්‍රතිඵල කඩිනමින් නිකුත්කරන ලෙසට විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට ද අග්‍රාමාත්‍යවරිය උපදෙස් ලබාදී තිබෙන බව ද ප්‍රකාශ කළේ ය.

මේ අතර පාසල් උත්සව සඳහා දේශපාලනඥයින් ගෙන්වීම වහාම නතර කරන ලෙසටද මෙහිදී උපදෙස් දී ඇති බවයි, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය නිවේදනය කළේ.