ප්‍රදේශ කිහිපයකට පැය 7 ක ජල කප්පාදුවක් පිළිබදව දැනුම්දීමක්

By Sithumi Nov 29, 2021 11:35 AM GMT
Sithumi

Sithumi

Report

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට රාත්‍රියේ සිට පැය 7ක කාලයක් ජල සැපයුම අත්හිටුවන සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය. මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල - කොස්වත්ත, රාජගිරියේ සිට නාවල විවෘත විශ්ව විද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය හා ඊට සම්බන්ධිත සියලු අතුරු මාර්ගවල ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව වැඩිදුරටත් සඳහන් කර තිබේ. 

ඒ අනුව හෙට රාත්‍රී 10 සිට පසුදින අලුයම 5 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇති. අත්‍යවශ්‍ය ජලනල නවීකරණ කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
Join now