ජල ගාස්තුව ගැන ජල සම්පාදනයේ අලුත්ම තීරණය.

Sri Lanka Water Board
By Wayomi Feb 19, 2023 04:14 AM GMT
Wayomi

Wayomi

Report

විදුලි ගාස්තු ඉහළ දැමීමත් සමඟ ජල ගාස්තුද ඉහළ දැමිය යුතු බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියේ.

ඒ, අනුව නිසි අධ්‍යයනයකින් අනතුරුව ජල ගාස්තු ඉහළ දැමීම පිළිබඳව අවසන් තීරණයක් ගැනීමටයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සූදානම් වන්නේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අවධාරණය කරන්නේ, ජලාශවල සිට පාරිභෝගිකයා දක්වා පානීය ජලය බෙදා හැරීමේදී වැයවන සමස්ත මුදලෙන් සියයට 35ක්ම වැය වන්නේ භාවිත කෙරෙන විදුලිය සඳහා බවයි.     


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...       

JOIN NOW