ජල බිල වැඩි වේ..

Water Board Latest Headlines Sinhala news Breaking News SriLanka News - Gagana
By Shehan May 22, 2025 04:47 AM GMT
Shehan

Shehan

Report

විදුලි බිල වැඩි වුවහොත් ඒ ආනුපාතිකව ජල බිලද සංශෝධනය කිරීමට සිදුවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මේ සම්බන්ධයෙන් යෝජනා පිළිබඳ සාකච්ඡා ආරම්භ කර ඇති බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

එසේ සංශෝධනයක් සිදුවුවහොත්, එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිත බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

මහාධිකරණ විනිසුරුවරියකටත් ලිංගික හිංසා...පණිවුඩ යවලා තියෙන්නේ නීතීඥවරයෙක්

මහාධිකරණ විනිසුරුවරියකටත් ලිංගික හිංසා...පණිවුඩ යවලා තියෙන්නේ නීතීඥවරයෙක්

මේ අතර, මෙම වසරේ දෙවන විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම හෙට (23) ආරම්භ වේ. මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසන පරිදි, එය ලබන මස 3 වැනිදා දක්වා සියලු පළාත් ආවරණය වන ලෙස සිදුවනු ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් පසුගියදා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යෝජනාවකට අනුව, ජූනි 1 වැනිදා සිට විදුලි ගාස්තු සියයට 18.3කින් ඉහළ නැංවීමට නියමිතය.

මහාධිකරණ විනිසුරුවරියකටත් ලිංගික හිංසා...පණිවුඩ යවලා තියෙන්නේ නීතීඥවරයෙක්

මහාධිකරණ විනිසුරුවරියකටත් ලිංගික හිංසා...පණිවුඩ යවලා තියෙන්නේ නීතීඥවරයෙක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශයකට අනුව, පිරිවැය ආවරණය වන පරිදි කඩිනමින් විදුලි ගාස්තු ගැලපීමක් සිදුකළ යුතු බව පවසා තිබිණි. ඒ අනුව, මාසික විදුලි පරිභෝජනය කිලෝවොට් පැය 60ට අඩු ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 0 සිට 30 දක්වා රුපියල් 4ක ඒකක ගාස්තුව රුපියල් 4.75 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර ඇත.

එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 75 සිට රුපියල් 90 දක්වා රුපියල් 15කින් ඉහළ නැංවීමට ද යෝජිතය. එසේම, ඒකක 31 සිට 60 දක්වා ඒකක ගාස්තුව රුපියල් 6 සිට රුපියල් 7 දක්වා ඉහළ නැංවීමටත්, එහි ස්ථාවර ගාස්තුව රුපියල් 200 සිට 235 දක්වා ඉහළ නැංවීමටත් යෝජනා වී ඇත.

මාසික විදුලි පරිභෝජනය කිලෝවොට් පැය 60 ඉක්මවන ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 0 සිට 60 දක්වා ඒකක ගාස්තුව රුපියල් 11 සිට රුපියල් 13 දක්වා ඉහළ නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇත.

ඒකක 61 සිට 90 දක්වා ඒකක ගාස්තුව රුපියල් 14 සිට රුපියල් 16.60 දක්වා ඉහළ නැංවීමටත්, එහි ස්ථාවර ගාස්තුව රුපියල් 400 සිට 475 දක්වා ඉහළ නැංවීමටත් යෝජනා කර ඇත.

මහ රෑ මහරගමින් වීල් එකට නැග්ග සුප්‍රකට නිළිය

මහ රෑ මහරගමින් වීල් එකට නැග්ග සුප්‍රකට නිළිය

මීට අමතරව, කර්මාන්ත, හෝටල්, රාජ්‍ය හා පොදු ආයතන සඳහා වන විදුලි ගාස්තු ද ඉහළ නැංවීමට යෝජනා වී ඇත.

වීදි ලාම්පු සඳහා ඒකකයකට රුපියල් 45ක ගාස්තුව රුපියල් 53.25 දක්වා ඉහළ නැංවීමටත්, ආගමික සිද්ධස්ථාන හා පුණ්‍ය ආයතන සඳහා විදුලි ගාස්තු ඉහළ නැංවීමටත් මණ්ඩලය යෝජනා කර ඇත.

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම සඳහා, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති, 6 වැනි මහල, ලංකාව බැංකු වෙළඳ කුළුණ, අංක 28, ශාන්ත මයිකල් පාර, කොළඹ 3 යන ලිපිනයට අදහස් යොමු කළ හැකිය.

කොවිඩ් නව වෛරසය ඉතාමත් දරුණුයි...

කොවිඩ් නව වෛරසය ඉතාමත් දරුණුයි...

ReeCha