ඉංජිනේරුවරුන්ගේ හිඟය ගැන විදුලිබල මණ්ඩලයෙන් රතු එළියක්

Report

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) පවසන පරිදි, පසුගිය වසර කිහිපය තුළ එහි ඉංජිනේරුවරුන්ගෙන් 20%ක් පමණ රට හැර ගොස් ඇත.

මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න ප්‍රකාශ කළේ, පසුගිය වසර තුන තුළ ඉංජිනේරුවරුන් 226 දෙනෙක් රැකියා අවස්ථා සඳහා ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ අයර්ලන්තය වැනි රටවලට පිටව ගොස් ඇති බවයි.

මෙලෙස රට හැර ගිය ඉංජිනේරුවරුන් එම මණ්ඩලයේ සමස්ත ඉංජිනේරුවරුන්ගෙන් 20%කි. ඉන් 85%ක් විදුලි ඉංජිනේරුවරුන් වන අතර, 8%ක් යාන්ත්‍රික ඉංජිනේරුවරුන් සහ 7%ක් සිවිල් ඉංගිනේරුවරුන් බව මණ්ඩලය සඳහන් කළේය.

එතකොටත් ඒ යකා බීලා හිටියේ මාව කොලර් එකෙන් අල්ලලා ඉස්සුවා -රත්වත්තේ හෝටලයක දාපු නැටුමක් එළියට

එතකොටත් ඒ යකා බීලා හිටියේ මාව කොලර් එකෙන් අල්ලලා ඉස්සුවා -රත්වත්තේ හෝටලයක දාපු නැටුමක් එළියට

මේ අතර, විදුලිය පරිහරණ සංගමයේ ලේකම් සංජීව ධම්මික පැවසුවේ, අභ්‍යන්තරව ඉංජිනේරුවරුන් සිටියදී, ලංකා විදුලිබල මණ්ඩලය විසින් නව ඉංජිනේරුවරුන් 60 දෙනෙකු බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවයි.

එම බඳවා ගැනීමේ ක්‍රියාවලියේදී පටිපාටි උල්ලංඝනය වී ඇති බවද ඔහු අවධාරණය කළේය.

අස්වැසුමද සමෘද්ධියද?

අස්වැසුමද සමෘද්ධියද?

අමාත්‍ය ලාල්කාන්තට නරක ලෙඩක් මට හැමදේම ලියලා දෙන්න ඔහුගේ කටින්ම කියයි

අමාත්‍ය ලාල්කාන්තට නරක ලෙඩක් මට හැමදේම ලියලා දෙන්න ඔහුගේ කටින්ම කියයි