රාත්‍රී බස් අනතුරු අඩු කරන්න කියලා පොලිසිය රියදුරන්ට තේ දීලා කොමඩි ෆිල්ම් පෙන්නලා

Report

පැය ගණනක දුර බස් සේවාවන්වල නිරත වෙන රියදුරන් වෙනුවෙන් පොලිසිය කරපු අපූරු වැඩක් ගැනයි මේ අනාවරණය.

ඒ අනුව රාත්‍රී කාලයේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ධවනය වන දුර සහ කෙටි දුර බස් රථ ඇතුලු සියලුම වාහනවල රියදුරන්ගේ විඩාව නිවාගෙන මානසික යහපත් මට්ටමෙන් පවත්වාගෙන රිය ධාවනය කිරිමට නියමු ව්‍යාපෘතියක් (15) දින රාත්‍රියේ වටවල පොලිසිය ඉදිරිපිටදී සිදු කෙරිණ.

එතකොටත් ඒ යකා බීලා හිටියේ මාව කොලර් එකෙන් අල්ලලා ඉස්සුවා -රත්වත්තේ හෝටලයක දාපු නැටුමක් එළියට

එතකොටත් ඒ යකා බීලා හිටියේ මාව කොලර් එකෙන් අල්ලලා ඉස්සුවා -රත්වත්තේ හෝටලයක දාපු නැටුමක් එළියට

වටවල ප්‍රදේශයේ නිලධාරීන් එකතුවී බසයේ ගමන් ගන්නා මගීන් ඇතුළු කොන්දොස්තර රියදුරු මහතා කැඳවා තේ පැන් සංග්‍රහයක් පිළිගන්නවා කෙටි විවේකයක් ලබාදී තිබේ. ඒ වගේම එම තේ පැන් සංග්‍රහය භුක්ති විඳින කාලය තුළ නැරඹීමට හාස්‍ය චිත්‍රපටි විකාශනයක් ද සිදු කර තිබෙන බව සඳහන් වේ.

වාහනවල ගමන් ගන්නා මගීන්ට අවහිරයක් නොවන සේ සහ ප්‍රමාදවීමකින් තොරව කෙටි කාලයකින් තේ පැන් සංග්‍රහය ලබා දුන් අතර, වටවල පොලිසිය විසින් මෙම තේපැන් සංග්‍රහය ලබා දීම නිසා තම විඩාව පහව ගිය බවයි වාහනවල රියදුරන් කියා සිටියේ.

කරච්චි රෝහල් අර්බුදය උග්‍ර වෙයි

කරච්චි රෝහල් අර්බුදය උග්‍ර වෙයි

හැටන් කොළඹ සහ හැටන් නුවරඑළිය යන ප්‍රදේශ අධික බෑවුම් සහිත ප්‍රදේශ බැවින් ඉතා ප්‍රවේශමෙන් රිය පැදවීම සිදු කළ යුතු බව පොලිසිය වැඩිදුරටත් අවධාරණය කරයි.

රික්ටර් මාපක 5.7ක භූමි කම්පාවක්

රික්ටර් මාපක 5.7ක භූමි කම්පාවක්