ජල ගාස්තු බිල සම්බන්ධයෙන් දැනුම්දීමක්.
Water Board
Water
By krishani
පසුගිය මාසයේ සහ මේ මාසයේ ජල බිල සංශෝධනය වූ නව ගාස්තුවට අනුව සකස් කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය.
පසුගියදා එම මණ්ඩලය තීරණය කළේ අගෝස්තු 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු ඉහළ දැමීමටයි.
නමුත් පසුගිය ජුලි මාසයේ ජල පරිභෝජනය ද නව ජල ගාස්තු සංශෝධනයට අනුව සකස් කර ඇති බව පාරිභෝගිකයින් චෝදනා කළේ ය.
කෙසේ වෙතත්, නව ක්‍රමවේදයට අනුව ජුලි මාසයට අයකරන ගාස්තුව සංශෝධනයක් කර ලබන මාසයේ දී එය පාරිභෝගිකයින්ට ලබා දීමට පියවර ගන්නා බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක පියල් පද්මනාථ මහතා සඳහන් කළේ ය.
