ජල බිල වැඩි කිරීම ගැන ජලසම්පාදන මණ්ඩලය ගත් තීරණය මෙන්න.
Sri Lanka
Wasudewa nanayakkara
Water bill
Water bord
By Aruna
ලබන වසර දක්වා ජල ගාස්තු වැඩි කිරීමට මෙතෙක් අවසන් තීරණයකට එළැඹ නොමැති බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
කෙසේ වෙතත් එහි වියදම, ආදායමට වඩා ඉහළ යාම හේතුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව ඇති බවයි එහි සාමාන්‍යාධිකාරී තිළිණ විජේතුංග සඳහන් කළේ.
එමෙන්ම ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග කොළඹ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ආර්ථික අර්බුදය පාලනයට ගෙන යන පියවර ප්‍රමාණවත් නොවුණහොත් ජල ගාස්තු වැඩි කිරීමේ වගකීම රජය සතු වන බවයි.
ගතවූ වසර 40 ක කාලයක් තුළ මෙරට ජනතාවගෙන් සියයට 45කට ජල සැපයුම ලබා දී තිබෙනවා.
ලබන වසර 4ක කාලය තුළ එය සියයට 80 දක්වා ඉහළ නැංවීමට සිය ඉලක්කය බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |