පානිය ජලය සම්බන්ධයෙන් ජල ප්‍රවාහන මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්..
water cut
Water boad
By Sithumi
පානීය නළ ජලය සියයට සියයක් සෞඛ්‍යාරක්ෂිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලයේ සමාන්‍යාධිකාරීවරයා නිවේදනය කර සිටියේ, දිවයින පුරා ඇති සියලුම ජල පවිත්‍රාගාරවල ජලය පවිත්‍රීකරණය කර ප්‍රමිතියට අනුකූලව දිවයින පුරා බෙදාහැරීම් සිදුකරන බවය.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සියලුම රසායනාගාර මඟින් නිරතුරුව පවිත්‍රාගාරයේ සහ බෙදාහැරීමේ පද්ධතිය තුළ සිදුකරන තත්ත්ව පරීක්ෂාවෙන් පසුව එම ජලය ජනතාව වෙත මුදාහරින බව ද සමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පවසයි.
එබැවින් සියයට සියයක් සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කොට, ජනතාව වෙත ලබා දෙන ජලයේ ගුණාත්මකභාවය පිළිබඳව පැතිරෙන අසත්‍ය ප්‍රචාරයන්ට කිසිදු බියක් හෝ සැකයක් ඇති කර නොගන්නා ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින බව ද සමාන්‍යාධිකාරීවරයා සඳහන් කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |