හිටපු මන්ත්‍රීවරු පිරිසක් ජල විදුලි බිලට පොලු තියලා

Water Board Water Sinhala news gagana news
By Mithu Aug 22, 2025 06:40 AM GMT
Mithu

Mithu

Report

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගෙන් ලක්ෂ නවයකට ආසන්න හිඟ විදුලි ජල සහ දුරකථන බිල්පත් ප්‍රමාණයක් අයකරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

රුපියල් හය ලක්ෂ තිස් හත්දහස් පන්සිය තිස් නවයක් වටිනා විදුලි බිල් පත් රුපියල් පන් ලක්ෂ අනූ දහස් අටසිය හැටක් වටිනා ජල බිල් පත් සහ රුපියල් තුන් ලක්ෂ තුන්දහස් හයසිය තිහක් වටිනා දුරකථන බිල්පත් මෙසේ අය කරගෙන නැති බව එහි දැක්වේ.

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

මාදිවෙල මන්ත්‍රී නිවාස ලබාදීමේදී පාර්ලිමේන්තු මහලේකම් සමග ඇති කරගනු ලබන ගිවිසුමේ 14 වගන්තිය අනුව පදිංචිකරුවන්ගෙන් විදුලිය ජලය සහ දුරකථන සඳහා සියලු ගාස්තු නොකඩවා අය කරගත යුතු බව සඳහන් වේ.

ආරක්ෂක හේතූන් මත දේශබන්දුගේ බන්ධනාගාරය වෙනස් කරයි

ආරක්ෂක හේතූන් මත දේශබන්දුගේ බන්ධනාගාරය වෙනස් කරයි

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පරිශීලනය කරනු ලබන පුස්තකාල පොත් සඳහා වාර්ෂික සමීක්ෂණ වාර්තා විගණකාධිපතිවරයාට ඉදිරිපත් කර නොතිබූ බවද එම වාර්තාවේ දැක්වේ.

අලි ඇතුන් දුම්රියේ ගැටෙනවට විසදුමක්

අලි ඇතුන් දුම්රියේ ගැටෙනවට විසදුමක්