අලි ඇතුන් දුම්රියේ ගැටෙනවට විසදුමක්

Sri Lanka Elephants Sinhala news SriLanka News - Gagana Train
By Mithu Aug 22, 2025 05:15 AM GMT
Mithu

Mithu

Report

පසුගිය කාල සීමාව පුරාවටම දුම්රියේ ගැටී අලි ඇතුන් විශාල ප්‍රමාණයක් මියගිය අතර ඒ වෙනුවෙන් ස්ථීරසාර විසඳුමක් බොහෝ දෙනා රජයෙන් බලාපොරොත්තු විය.

ඒ අනුව අලි ඇතුන් දුම්රියේ ගැටීම වළක්වාලීම සඳහා කඩිනම් විසඳුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි, සිවිල් ගුවන් සේවා හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ අතර එම කමිටුවෙන් මේ වන විට ගෙන ඇති විසඳුම් සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ (21) පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී පැවැත්විණ.

මෙවර අයවැය තුළින් ද අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා විශේෂයෙන් ප්‍රතිපාදන වෙන් වීය. ඒ අනුව අලිඇතුන් දුම්රියේ ගැටීමට විසඳුම් ලෙස වනජීවී නිළධාරීන් හා දුම්රිය රියදුරු නිලධාරීන් ඒකාබද්ධතාවයෙන් උතුරු හා මඩකලපු සහ වනාන්තර ආසන්නයෙන් ගමන් ගන්නා දුම්රියන්හි රාත්‍රී දුම්රිය වාරවලදී අලි ඇතුන් ගැටෙන තැන් පිළිබඳ අවධානයෙන් ගමන් කිරීම සඳහා දැනුවත් කිරීමටත්, ඒ සඳහා දුම්රිය රියදුරන් ඇතුළු කාර්ය මණ්ඩලය සඳහා නිසි පුහුණුවක් ලබා දීමටත්, මෙම කටයුත්ත සඳහා ස්වේච්ඡාවෙන් දායක විය හැකි පරිසර කණ්ඩායම් ඒකාබද්ධ කර ගැනීමේ ක්‍රියාමාර්ග ගෙන ඇත.

මධ්‍ය තැපැල් හුවමාරුවට පොලීසිය කැඳවයි - ආරක්ෂාව හදිසියේ තර කරේ

මධ්‍ය තැපැල් හුවමාරුවට පොලීසිය කැඳවයි - ආරක්ෂාව හදිසියේ තර කරේ

දුම්රිය මාර්ගයේ සිල්බර අතර හිස්තැන් පිරිවීම ගල්ඔය හංදිය – හිඟුරක්ගොඩ අතර 141 සැතැපුම් කණුව ආසන්නයෙන් ආරම්භ කරන ලදුව මේ වන විට එම වැඩපිළිවෙලද ක්‍රියාකාරී මට්ටමේ පවතී. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දායකත්වයෙන් කෘතිම බුද්ධිය (AI) තාක්ෂණය ඔස්සේ දුම්රියවල නව උපාංග සවි කොට එහි මූලික අත්හදා බැලීම් සිදු කරමින් පවතී.

වැඩිහිටියන්ට සහ රෝගීන්ට අද අවදානම් උෂ්ණත්වය ඉහළට

වැඩිහිටියන්ට සහ රෝගීන්ට අද අවදානම් උෂ්ණත්වය ඉහළට

එමෙන් ම මෙම සාකච්ඡාවේ දී නියමු පර්යේෂණයක් ලෙස මාස දෙකක් ඇතුළත ආත්ර් සී ක්ලාක් අයතනයෙන් හඳුන්වා දුන් Thermal Camera වනඅලිඅලි වැඩිපුර ගැවසෙන දුම්රිය මාර්ග ප්‍රදේශවල දුම්රිය කිහිපයක සවි කිරීමට තීරණය විය. වනඅලින්ට දුම්රිය මාර්ග හරහා ගමන් කිරීම පහසු කිරීමට තවදුරටත් දුම්රිය මාර්ගවල කළු ගල් ඇතිරීම කරගෙනයාමටත්, දෘෂ්‍යතාව වැඩි කිරීම සඳහා කටයුතු කිරීම සහ ඒවා වසර පුරා නඩත්තු කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීම මෙන් ම මාසිකව දුම්රිය දෙපාර්තමේන්තුවෙන් වාර්තා මේ පිළිබඳ වාර්තා ලබා ගැනීමටත් මෙම සාකච්ඡාවේ දී තීරණය කරන ලදී.

හිටපු ජනපති අද FID පැමිණේ

හිටපු ජනපති අද FID පැමිණේ