දිය ඇල්ලක් නැරඹීමට ගිය පිරිසකට සිදුවු භයානක සිදුවීම.

wasp Rathnapura Bambarakandha Waterfall Dhiyathalava Haldamulla
By Sewvandhi Oct 04, 2021 01:51 AM GMT
Sewvandhi

Sewvandhi

Report

බඹරකන්ද දිය ඇල්ල නැරඹීමට පැමිණි පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්ව ඊයේ (03) දහවල් රෝහල් ගත කර තිබෙනවා.දිය ඇල්ල නැරඹීමට පැමිණි පිරිසෙන් පුද්ගලයන් සිව්දෙනෙක් මෙලෙස බඹර ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔවුන් හල්දුම්මුල්ල සහ දියතලාව යන රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම සිව්දෙනා 26, 31, 36, සහ 38 යන වයස්වල පසුවන රත්නපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින්.

මේ අතර,නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ඉදිරියේ දී මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය ඉහළ නංවා ගැනීමට සැලසුම් ක්‍රියාත්මක කර ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ, "නොවැම්බර් වෙනකොට දිනකට සාමාන්‍යයෙන් සංචාරකයින් 5,000ක් තමයි අපේ ඉලක්කය." යනුවේනි.

එමෙන්ම, ආයුර්වේද හා දේශීය වෙදකමට යොදා ගන්නා ඖෂධීය ශාඛ විශේෂයන් වන අරළු, බුළු හා නෙල්ලි ආනයනය කිරීම අත්හිටුවා ඒවා මෙරට වැඩි වශයෙන් වගා කිරීමේ වැඩපිළිවෙලක් පරිසර අමාත්‍යාංශය ආරම්භ කර තිබෙනවා.

මෙම ශාඛ මෙරට තුළ ඇතත් ඒවා ඉන්දියාවෙන් ආනයනය කිරීමට වාර්ෂික ඩොලර් මිලියන 9ක පමණ මුදලක් වැය වන බවයි පරිසර අමාත්‍යාංශයේ පැවති දේශගුණික විපර්යාසයන්ට විසදුම් සහිත හරිත ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීමේදී අනාවරණ වුණේ.

එහිදී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පෙන්වා දුන්නේ මෙම ශාඛ වනාන්තර ආශ්‍රිතව මෙන්ම මාර්ග දෙපස වගා කළ හැකි බවයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now  


ReeCha