ත්‍රිකුණාමලය පාසලක බඹර ප්‍රහාරයක් - සිසුන් 50කට අධික පිරිසක් රෝහල්ගත කරයි
By Malith Madushan
ත්‍රිකුණාමලය දිවුල්වැව මහා විද්‍යාලයේ සිසුන් 50කට අධික පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් රෝහල්ගත කර තිබේ. පාසල් ගොඩනැගිල්ලක තිබූ බඹර වදයක් ඇවිස්සීමෙන් මෙම සිසුන් ප්‍රහාරයට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.
බඹර ප්‍රහාරයට ලක්වූ සිසුන් ප්‍රතිකාර සඳහා මහදිවුල්වැව රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, එහිදී බරපතළ තත්ත්වයේ පසුවූ සිසුවියන් තිදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත මාරුකර යවා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කරයි.