පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි - 2027 අයවැය විවාදයේ සිව්වැනි දිනය අද [VIDEO]

Report

අද (26) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබෙනවා. 2027 වසර සඳහා වන අයවැය තෙවනවර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදයේ සිව්වැනි දිනය අදට යෙදී තිබීම විශේෂත්වයක්.

ජාතික ජන බලවේග රජයේ තෙවන අයවැය වන 2027 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඉන් අනතුරුව අයවැය දෙවනවර කියවීමේ විවාදය නොවැම්බර් 13 වැනිදා ආරම්භ වූ අතර, දින හතක් පුරා පැවති එම විවාදයෙන් පසු ඡන්ද විමසීම පසුගිය 20 වැනිදා පස්වරුවේ පැවැත්වුණා.

මාරාන්තික ලිංගාශ්‍රිත රෝගයක් හිස ඔසවයි - වයස 20ත් 24ත් අතර තරුණ ප්‍රජාවට විශේෂ අවදානමක්

මාරාන්තික ලිංගාශ්‍රිත රෝගයක් හිස ඔසවයි - වයස 20ත් 24ත් අතර තරුණ ප්‍රජාවට විශේෂ අවදානමක්

එහිදී අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 97කින් සම්මත වූ අතර, ඊට පක්ෂව ඡන්ද 157ක් සහ විපක්ෂව ඡන්ද 60ක් හිමිවුණා.

අනතුරුව අයවැය තෙවනවර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 වැනිදා ආරම්භ කෙරුණා. එම විවාදය දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක කාලයක් පැවැත්වීමට නියමිතයි.

රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දින ද ඇතුළුව සෑම දිනකම පෙරවරු 9.30ට අයවැය විවාදය සඳහා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව 2027 අයවැය සම්බන්ධයෙන් පැවැත්වෙන අවසන් ඡන්ද විමසීම හෙවත් තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - ලංකාවේ ජලාශවල වාන් දොරටු වාන් දමයි

වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - ලංකාවේ ජලාශවල වාන් දොරටු වාන් දමයි