අන්තරේ හිටපු කැඳවුම්කරු ඇතුළු තිදෙනෙකුට වරෙන්තු.
අන්තර් විශ්ව විද්‍යාලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි සහ රත්කරව්වේ ජිනරතන හිමියන්ට අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරනු ලැබුවා.
ඒ ඔවුන් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති නඩුවක පෙනී නොසිටීම හේතුවෙනි.
ඔවුන්ට එරෙහිව පවරා ඇති නඩුව වන්නේ 2021 වසරේ පෙබරවාරි 10 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී කොළඹ පෞද්ගලික ගොඩනැගිල්ලකට අයත් රථ ගාලකට අනවසරයෙන් ඇතුළු වීමේ චෝදනවයි.
කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (31) නියෝග කළේ නඩුව දෙසැම්බර් මස 7 වැනිදා යළි කැඳවීමටයි.