හිටපු ඇමති ජොන්ස්ටන් හෙට FCIDයට නාවොත් වරෙන්තු

Report

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හෙට (05) දිනයේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙසට පොලිසිය විසින් නියෝග කර තිබේ. නොපැමිණුණහොත් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ වරෙන්තුවක් ලබාගැනීමට කටයුතු කරන බවත් පොලිසිය දැනුම් දී ඇත.

සමස්ථ සේවා සමාගම (සතොස) ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මෙම විමර්ශන ආරම්භ වී ඇත.

මතභේදාත්මක මොඩියුලය කතාවේ හරිණි ඉල්ලා අස්වෙයි ද? නාමල් ගේම ඉල්ලයි

මතභේදාත්මක මොඩියුලය කතාවේ හරිණි ඉල්ලා අස්වෙයි ද? නාමල් ගේම ඉල්ලයි

මේ අතර එම සිද්ධියට සම්බන්ධව සතොස ආයතනයේ ප්‍රවාහන කළමනාකරු ලෙස සේවය කළ ඉන්දික රත්නමලල මහතා අද (04) දිනයේ අත්අඩංගුවට ගෙන ඇත.

වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු එළැඹෙන ජනවාරි 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේදී සතොස ආයතනයේ ලොරි රථයක් එතනෝල් සමාගමක රාජකාරි සඳහා යෙදවීමට ඔහුගේ පුත්‍ර ජොහාන් ප්‍රනාන්දු මහතාට කූඨ ලේඛන සකස් කර දුන් බවට එල්ල වූ චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

ජොනීගේ එතනෝල් ජාවාරමට විජයකලාත් පැටලෙයි

ජොනීගේ එතනෝල් ජාවාරමට විජයකලාත් පැටලෙයි