කොරෝනා අස්සේ සංක්‍රමණිකයින්ට රටට ඇතුළු වෙන්න උදව් කළොත් වැඩ වරදී..අනතුරු අඟවයි.

North sea Fisherment
By Aruna May 04, 2021 02:48 AM GMT
Aruna

Aruna

Report

 පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් අසල්වැසි ඉන්දියාව ඇතුළු ආසන්න රට වලින් සංක්‍රමණිකයින් මෙරටට ඇතුළු වීමේ අවදානමක් පවතින බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මුහුදු මාර්ග ඔස්සේ ධීවර යාත්‍රා උපයෝගී කර ගනිමින් මෙසේ මෙරටට පැමිණීමට හැකියාව පවතින බවය.

විශේෂයෙන් බහුදින ධීවර යාත්‍රා සහ උතුරු මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවර යාත්‍රා මේ පිළිබඳව වැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දෙයි.

ඒ අනුව අනවසර සංක්‍රමණිකයින් ප්‍රවාහනය කරන හෝ විදේශිකයින් හට මෙරටට ඇතුළුවීමට තම ධීවර යාත්‍රා වලින් පහසුකම් සපයන ධීවර කාර්මිකයින් හා යාත්‍රා හිමිකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරුනු ඇති.

එමෙන්ම එම යාත්‍රා සඳහා ධීවර කටයුතුවල යෙදීමට ලබා දී ඇති සියලුම බලපත්‍ර අවලංගු කිරීමට ද කටයුතු කරන බව ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

https://chat.whatsapp.com/LjkaxucTqx2568uU9nTqfx