ගුවන්තොටුපොළේ ඇති වූ හදිසි අවදානම

health Sri lanka air port
By Sithumi Nov 28, 2021 01:42 PM GMT
Sithumi

Sithumi

Report

ගුවන්තොටුපොළ හරහා රට තුළට කොවිඩ් වෛරසය ඇතුළුවීමේ අවදානමක් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. 

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ මේ සඳහා කඩිනමින් අවධානය යොමු කර නිසි වැඩපිළිවෙළක් සකස් කළයුතු බවය. "කොවිඩ් -19 ආසාදිතයින් දෛනිකව ලංකාවේ වැඩිවෙමින් පවතිනවා. ඒ වගේම මරණත් යම් තරමකට වැඩිවෙමින් තියෙනවා. 

රට තුළ අපට පෙනෙන්න තිබෙනවා සෞඛ්‍ය උපදෙස් නොතකමින් බොහෝ පිරිස් කටයුතු කරන අයුරු. ඒ අතර තමයි දකුණු අප්‍රිකාව ආශ්‍රිතවත් මේ වෙනකොට රටවල් 5කත් නව ප්‍රභේදයක් වාර්තා වෙන්නේ. මේ ප්‍රභේදය පිළිබඳ බරපතළ ගණයේ අනතුරු ඇඟවීම් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වෙද්දි කරලා තියෙනවා. 

විශේෂයෙන්ම ලංකාවේ ගුවන්තොටුපොළේ තත්ත්වය ඉතාමත්ම කණගාටු දායකයි. ගුවන්තොටුපොළ ඇතුළත සෞඛ්‍ය අංශ දැනට කොවිඩ් -19 අවේක්ෂණ පද්ධතිය පවත්වාගෙන යාම සඳහා කටයුතු කළත් ඒ කටයුතු කරන්නේ නොසලකා හැරීම් මැද. 

මේ වෙද්දි ගුවන්තොටුපොළේ ආගමන විගමන දෙපාර්තමේන්තුව, ඒවාගේම රේගු දෙපාර්තමේන්තුව මෙවැනි ආයතන රැසක් පසුකර ගෙන අවසානයේ විදේශිකයෝ සහ විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයෝ සෞඛ්‍ය අංශ වෙත පැමිණෙන්නේ. ඔවුන් භාණ්ඩ මිලදී ගෙන සියලුම ස්ථානවලට නිරාවරණය වෙලා තමයි සෞඛ්‍ය අංශවලට එන්නේ. 

ඒ නිසා අනෙකුත් කාර්යමණ්ඩල දැඩි අවදානමකට යොමුවෙලා තියෙනවා. ඒ වාගේම ගුවන්තොටුපොළේ පවතින ලිහිල් පද්ධතිය නිසා මගීන්ට යම් විදිහකින් සෞඛ්‍ය අංශ මඟහැර යාමේ අවදානමක් තිබෙනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now