"යම් මට්ටමකට හෝ ලැබූ ජයග්‍රහණය ආපස්සට හරවන්න එපා"..PHI සංගමයෙන් සැර ප්‍රකාශයක්..

COVID19 VACCINATION QUERANTINE UPUL ROHNA
By Sewvandhi Nov 15, 2021 01:55 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් යම් මට්ටමකට පාලනය කර සෞඛ්‍ය අංශ ඉතාමත් අපහසුවෙන් ලබාගත් ජයග්‍රහණ දේශපාලන කාරණා හේතුවෙන් ආපස්සට හැරවීමට කටයුතු නොකරන්නැයි සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවැසීය.

සමගි ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ කීපයක් ලබන 16 වැනිදා කොළඹට සෙනඟ කැඳවා උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා කර ඇති බව පැවසූ රෝහණ මහතා ආණ්ඩුවට පක්ෂව හෝ විපක්ෂව උද්ඝෝෂණ පැවැත්වීම සෞඛ්‍ය අංශ විදියට ගැටළුවක් නැති වුවත් එවැනි ක්‍රියාකාරකම්වල මේ අවස්ථාවේදී නියැලීමෙන් සෞඛ්‍යමය වශයෙන් ගැටලුකාරී තත්වයක් මතුවිය හැකි බවද පෙන්වා දුන්නේය.

මේ අවස්ථාවේදී සෞඛ්‍ය නීතිවලට අනුකූලව කටයුතු කිරීම ඉතා වැදගත් බවද හෙතෙම සඳහන් කළේය. රටේ කොවිඩ් රෝගීන්ගේ යම් වැඩිවීමක් පෙනෙන්නට ඇති බවත් මේ තත්වය නිසා සියලු දෙනා කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත් බවත් උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW