"මිනිසුන් මහ මග මැරී වැටෙනවා"..ආන්දෝලනාත්මක කතා බහක්..? (VIDEO)
covid19
PHI
lock down
upul rohana
hospital capacity
By Sewvandhi
අද වන විට මෙරට සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව ඉක්මවා අවසන් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. වර්තමානය වන විට මිනිසුන් මහමග මැරී වැටෙමින් ඇතැයිද එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.
රට වසා දමන්නැයි නැවතත් රජයෙන් ඉල්ලා නොසිටින බවත් ජනතාව තත්ත්වය තේරුම් ගෙන තමන් විසින්ම ස්වයං සංචරණ සීමා පනවා ගන්නා ලෙස ඉල්ලා සිටින බවද ඒ මහතා කියා සිටී.
තම ජීවිතයට ආසාවක් ඇත්තේ නම් නිවසටම වී සිටින්නැයි දැඩිව අවධාරණය කරන බවද ඔහු පැවසීය. ජනතාව මියගොස් ආර්ථිකයක් දියුණු කර පලක් නැතැයි ද ඒ මහතා තව දුරටත් කියා සිටියේය. ඔ
හු මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |