තිස්ස ජනනායකටත් ICU හොයා ගන්න බැරිවෙයි..?

covid19 vathupitivala rapid antigen thissa jananyake manjula wijesooriya
By Sewvandhi Aug 02, 2021 01:12 AM GMT
Sewvandhi

Sewvandhi

Report

තම හිතවත් සහෘදයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්ව ඇතැයි ප‍්‍රවීණ උපකාරක පංති දේශක තිස්ස ජනනායක මහතා පවසයි. ඔහු වෙනුවෙන් දැඩි සත්කාර ඒකක ඇදක් සොයා ගැනීමට දැරූ සියළු උත්සාහයන් අසාර්ථක වූ බවත් ඔහු කියා සිටී.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව පවසා ඇත. එම සම්පූර්ණ සටහන මෙසේය.

***** මංජුල විජේසූරිය සමුගනියි.

ඊයේ රාත්‍රියේ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් වතුපිටිවල රෝහලට ඇතුළත් කල අපගේ සහෘදයා මංජුල විජේසූරිය Rapid Antigen පරීක්ෂාව positive වීම නිසා සාමාන්‍ය ICU එකකට ඇතුලත් කල නොහැකි විය.

අද උදෑසන සිට රජයේ මෙන්ම පෞද්ගලික රෝහල්වල covid ICU එකක් සොයා ගැනීමට කොතෙක් උත්සාහ දැරුවත් එම සියලුම උත්සාහයන් අසාර්ථක විය.

අවසානයේ ඔහු අපෙන් සමුගෙන ගොසිනි . ආදරණීය මානවහිතවාදී සහෘදය, ඔබට නිවන් සුව පතමු ! සියලු දෙනා හැකිතාක් ප්‍රවේශම් වන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now