ආයෙමත් රටම Lockdown වෙයිද ? හදිසියේම එළියට ආ නවතම අනතුරු ඇඟවීම මෙන්න

COVID19 LOCKDOWN CURFEW DEEPAVALI UPUL ROHANA
By Sithumi Nov 04, 2021 11:22 AM GMT
Sithumi

Sithumi

Report

රට පුරා පැවැත්වෙන ගුරු උද්ඝෝෂණ, ගොවි උද්ඝෝෂණ, දෙමාපිය උද්ඝෝෂණ, විරෝධතා, දේශපාලන රැස්විම් තුළින් යළිත් රටපුරා කොවිඩ් රැල්ලක අවදානමක් මතුවී තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

සියලු උද්ඝෝෂණ, විරෝධතා සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් පැවැත්වීම කණගාටුදායක බවයි, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ.

අදින් ආරම්භ වන දීර්ඝ සති අන්තයේදී වන්දනා ගමන්, විනෝද චාරිකා යෑමෙන් වැළකී සිටීම ඉතා වැදගත් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා.

එසේම කෙටි දුර සේවාවේ යෙදෙන බස් රථවල මගී ජනතාව ‘පොල් පටවාගෙන’ මෙන් ධාවනයේ යෙදෙන බවත්, මේ තුළින් ද කොවිඩ් අවදානමක් මතුව ඇති බවත් මේ සම්බන්ධව බස් රථ සේවකයින් මෙන්ම බස් රථවල ගමන් ගන්නා මගී ජනතාව ද අවධානය යොමු කළ යුතුව තිබෙන බව ඔහු වැඩිදුරටත් පවසනවා.

එමෙන්ම ,කොවිඩ් 19 හතරවන රැල්ල දිපාවලි උත්සවයත් සමග පැතිර යාමේ අවධානමක් පවතින බව හැටන් ප්‍රදේශයේ ජනතාව පවසයි. අන්තර් පලාත් අතර පනවා තිබු සංචරණ සිමා ඉවත් කිරිමෙන් අනතුරුව කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියා වල නිරතව සිටි වතුකරයේ ජනතාව වතුකරයේ නිවාස වෙත පැමිණෙමින් පවති.

එසේ පැමිණෙන පිරිස් ලංගම සහ පෞද්ගලික බස් රථවලින් හැටන් ඇතුළු වතුකරයේ ප්‍රධාන නගර වලට ප්‍රවාහනය කරන අතර, එම බස් රථ වලද සෞඛ්‍ය උපදෙස් වලට පටහැනිව කටයුතු කරමින් මගින් ප්‍රවාහනය කරන ආකාරයක්ද සටහන් විය.

දිපාවලි උත්සවයට අවශ්‍ය අලුත් ඇදුම් සහ ආහාර ද්‍රව්‍යය ඇතුළු මිල දි ගැනිමට හැටන් නගරයට පැමිණෙන වතුකරයේ ජනතාව සෞඛ්‍ය උපදෙස් වලට පටහැනි කටයුතු කරන අතර , හැටන් නගරයේ ව්‍යාපාරිකයන්ද ව්‍යාපාර කටයුතු වලට පමණක් ප්‍රමුඛතාවයක් ලබා දි සෞඛ්‍ය උපදෙස් පිලිබදව කිසිදු තැකිමක් නොකරන ආකාරයක් ද කැමරාවේ සටහන් වි තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW