විදුලි සේවකයන්ගෙන් හදිසියේම අනතුරු ඇඟවීමක්

By Sithumi Nov 26, 2021 12:17 AM GMT
Sithumi

Sithumi

Report

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඊයේ දහවල් 12 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේය.

ඒ කෙරවලපිටිය LNG විදුලි බලාගාරයේ කොටස් විදෙස් සමාගමකට පැවරීම හා විදුලිබල පනත සංශෝධනය කිරීමට විරෝධය පළකරමිනි. ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා, 

"විදුලිබල පනත වෙනස් කරන්න හදනවා. ඒ හරහා විදුලිබල මණ්ඩලය කොටස්වලට කඩනවා. යුගදනවි බලාගාරයේ 40%ක් දෙනවා වගේ විදුලිබල මණ්ඩලයේ කොටස් විකුණන්න හදන්නේ. ඊට පස්සේ කියයි ලක්ෂපාන විකුණනවා කියලා. ඒ නිසා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙනවා." 

මේ අතර ජාතික සම්පත් විකිණීමට එරෙහිව දෙසැම්බර් 8 වන දින පවත්වනු ලබන විරෝධතාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදාදීමක් අද විදුලිබල මණ්ඩල මූලස්ථානයේදී සිදු කෙරුණි. ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා, "

මේ වෙනකොට විදුලිබල මණ්ඩලය විතරක් නෙමෙයි වරායේ අක්කර 13ක ඉඩම, ඒවයේ සේවාවන්, තෙල් ඒකාධිකාරිය ඉන්දීය ආණ්ඩුවට දෙන්න තමයි යන්නේ. IOC වෙනුවට වෙනත් සමාගමක් ගේන්න හදනවා. මෙය පරාජය කළ යුතුයි."