“ඩෙල්ටා තරම් ඔමික්‍රෝන් දරුණු නැහැ” – ආසාදනය වුණොත් බලපෑම දවස් 3යි..?
යම් අයකුට ඔමික්‍රෝන් වයිරසය ආසාදනය වුව හොත් එහි බලපෑම පවතිනුයේ දින 3ක් වැනි කෙටි කාලයක් වන අතර, ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑමට වඩා ඔමික්‍රෝන් බලපෑම අඩු බව එමඟින් වාර්තා වන්නේ යැයි සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ඊයේ (9) පැවසුවේය.
ඩෙල්ටා වයිරසයේ බලපෑම දින 9ක් පමණ පවතින බවට පර්යේෂණවලින් හෙළිව ඇති බව ද ඒ මහතා කීය. ස්ථාවර දත්ත ඔමික්‍රෝන් ප්‍රභේදය සම්බන්ධයෙන් දැනට නොපවතින අතර, දැනට පවතිනුයේ සායනික දත්ත බවත් දකුණු අප්‍රිකානු රටවල රෝහල් කිහිපයක් මුල් කර ගනිමින් රෝගීන් 166ක් අධ්‍යයනය කිරීමෙන් ගත් දත්ත මත පදනම්ව මේ නිගමනයන්ට එරට සෞඛ්‍ය විද්වතුන් එළැඹ ඇති බවත් හෙතෙම පැවසීය.
ඩෙල්ටා ප්‍රභේදයේ සංකූලතා සහ රෝග ලක්ෂණ දරුණු වුවත් දැනට පවතින සායනික දත්ත අනුව ඔමික්‍රෝන් ප්‍රභේදය දරුණු නොවන බවට වාර්තා වන්නේ යැයිද ඔහු ප්‍රකාශ කළේය. කුමන ප්‍රභේදයක් වාර්තා වුවත් කොවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිපදින්නේ නම් කොවිඩ්වලින් ආරක්ෂා වීමට ජනතාවට හැකි බවද ඔහු කීය.
මේ අතර ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාව සහ යුරෝපය ඇතුළු රටවල ශීඝ්‍ර ව්‍යාප්තියක් සිදු නොවනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා පවසා ඇත්තේ දකුණු අප්‍රිකානු විද්‍යාඥයන් කණ්ඩායමක් කළ පරීක්ෂණයකින් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය පිළිබඳ මේ තොරතුරු අනාවරණය කර ගෙන ඇති බවයි.
වයිරසය ප්‍රතිශක්තිකරණ එන්නත්වලට ප්‍රතිචාර නොදැක්වුවද බූස්ටර් එන්නතක් මඟින් ආරක්ෂා වීමේ හැකියාව පවතින බව ද එම අධ්‍යයනයෙන් හෙළිව ඇතැයි ඒ මහතා පැවසුවේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |