එක් කාන්තාවකට වඩා ඇසුරු කරන පිරිමින්ට වෙන්න යන දේ මෙන්න

Gossip Reserch
By Sithumi Oct 21, 2021 01:56 PM GMT
Sithumi

Sithumi

Report

ආදරයක දී හදවත් සුවපත්වනවා යැයි පැවසුණත් විවාහය හේතුවෙන් හදවතට හානි ගෙන දෙන බවට සිදු කරගෙන ඇති විද්‍යාත්මක අනාවරණයක් පිළිබඳ වාර්තා වෙනවා.

කෙසේ වෙතත් මෙම සොයාගැනීම සිදු කර ඇත්තේ බහු විවාහ සම්බන්ධයෙන් සිදු කර ඇති පර්යේෂණයක දී. භාර්යාවන් කිහිප දෙනෙකු තබාගෙන සිටින ධනවත් පුරුෂයින් මැද පෙරදිග රටවල්වල ඉතා සුලභ යි. එම පිළිවෙත සහ හෘදයාබාධ අතර සම්බන්ධතාවක් ඇත්දැයි පර්යේෂණයක් සවුදි අරාබියාවේ ෆයිසල් රාජකීය රෝහල මගින් සිදු කොට තිබෙනවා.

එම රෝහලෙහි වෛද්‍ය අමීන් ඩෞලබ් මහතා විසින් මෙම පර්යේෂණය මෙහෙයවා ඇති බව සඳහන්. භාර්යාවන් එක් අයෙකුට වැඩියෙන් සිටීම සැමියාගේ හදවතට කෙලෙස බලපාන්නේ ද යන්න පිළිබඳව මෙහි දී විද්‍යාත්මකව විමසා බලා තිබෙනවා. එයින් අනාවරණය වී ඇත්තේ කිසිවෙකු නොසිතූ ප්‍රතිඵලයක්.

එක් බිරිඳක් සිටින පිරිමියෙකුට සාපේක්ෂව බලන විට එක් බිරිඳකට වඩා වැඩියෙන් සිටින පිරිමින් හට හදවත් රෝග වැළඳීමේ අවදානම දෙගුණයකින් හෝ ඊට වඩා වැඩි අගයකින් ඉහළ යන බව යි අදාළ පර්යේෂණයෙන් අනාවරණය වී ඇත්තේ. 

 මෙම පර්යේෂණය සඳහා විවාහක පුරුෂයින් 687ක් යොදාගෙන තිබෙනවා. ඔවුන්ගෙන් ලබා ගත් දත්ත පරීක්ෂා කර බැලීමේ දී මෙම අනාවරණය සිදුව ඇති බව ජාත්‍යන්තර විද්‍යා ජර්නලයක් වන Biology හි දක්වා තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now