ආසාදිතයින් වැඩි වෙන්නේ ඩෙල්ටා නිසා. මැයි මාසයේ තත්ත්වයට නැවතත් එනවා..?

covid19 oxygen delta variety anandha vijewickrama G.Vijesooriya
By Sewvandhi Aug 03, 2021 03:38 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොරෝනා ආසාධිතයන් ඉහළ යමින් ඇත්තේ ඩෙල්ටා ප‍්‍රභේදය පැතිරීම බව බොහෝ දුරට විශ්වාස කළ හැකි යැයි ජාතික බෝවන රෝග විද්‍යායතනය විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.

මෙරට ඔක්සිජන් අවශ්‍යතාවය සහිත ආසාදිතයන් සැලකිය යුතු ඉහළ යාමක් පෙන්නුම් කරන බවත් විශේෂයෙන් බස්නාහිර පළාතේ රෝහල්වල මෙම තත්ත්වය කැපී පෙනෙන බවත් ඔහු පෙන්වා දෙයි.

මේ තත්ත්වය මත තවමත් ආසාදිතයන් දෛනිකව දෙදහසේ සීමාවේ යැයි සතුටු වීම බරපතල වරදක් බවද වෛද්‍යවරයා අවධාරණය කරයි.

ජනතාව සෞඛ්‍යය නීති නිසිලෙස ක්‍රියාත්මක නොකළහොත් රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ද පැවසූ ඔහු එවන් තත්ත්වයකදී පසුගිය මැයි මාසයක් තිබූ තැනටම රට යළි ගමන් කරනු ඇතැයි ද කියා සිටියේය.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,680 දෙනෙකු ඊයේ (02) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 313,029ක් දක්වා ඉහළගොස් තිබේ.

මේ අතර තම රෝහලට වාර්තා වන කොවිඩ් රෝගීන් සැලකිල්ලට ගැනීමේදී ඉදිරි දින කිහිපය තුළ රෝහල් ධාරිතාව ද ඉක්මවා යනු ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසයි.

මේ වනවිට දිනකට රෝහලෙන් ළමුන් 15 දෙනෙකු පමණ කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගන්නා බව ඔහු සඳහන් කරයි. අද (02) පස්වරුවේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය ජී. විජේසූරිය මහතා මේ බව සඳහන් කළේය.

"මේ වනවිට රෝහල තුළ තබා ගැනීමටත් බැරි තරම් රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙනවා. රෝහල තුළ රෝගීන් 70 ගණනකට දෛනිකව ප්‍රතිකාර කරනවා. අපි බොරැල්ල ප්‍රදේශයේ, රාජගිරියේ වෙනත් ගොඩනැගිල්ලකුත් ලබා ගත්තා කුඩා දරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා. මේ යන තත්ත්වය අනුව ඒ ඉඩකඩත් මදි වෙයි. වැල්ලම්පිටිය ප්‍රදේශයේ තවත් ස්ථානයක් දැනට සොයාගෙන තියෙනවා. දරුවන් 600කට අධික ප්‍රමාණයක් මේ වනවිට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් වාර්තා වෙලා තියෙනවා. දැඩි සත්කාර ඒකකයේ ඇඳන් 6යි තියෙන්නේ. ඒ 6ම දැන් පිරිලා තියෙන්නේ."

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now