මොළය හකුළන භයානක වෛරසයේ ව්‍යාප්තිය වැඩි වෙයි - ලිංගික සබඳතා හරහා අසාදනය වෙන්නත් පුළුවන්

INDIA ZIKA VIRUS KANTHIPUUR
By Sewvandhi Nov 09, 2021 03:27 AM GMT
Sewvandhi

Sewvandhi

Report

භයානක Zika වෛරසය ඉන්දියාවේ වැඩි ම ජනගහනයක් වෙසෙන ප්‍රාන්තය වන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයට ද ව්‍යාප්ත වී තිබේ.‍‍ ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, දරුවන් 17 දෙනෙකු ඇතුළු උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ 89 දෙනෙකු සිකා වෛරස් ආසාදිතයින් බවට මේ වන විට තහවුරු වී ඇති බව ය.

මේ වන විට කාන්පූර්හි තත්ත්වය බරපතළ වෙමින් පවතින බවට එම දිස්ත්‍රික්කයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය නේපාල් සිං පවසා තිබේ. මීට අමතරව, පසුගිය සැප්තැම්බර් මාසයේදී සිකා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 14 දෙනෙකු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් හමු වී තිබිණි.

සිකා වෛරසය ඉන්දියාවෙන් පළමු වරට වාර්තා වූයේ, 2017 වසරේදී ගුජරාට් ප්‍රාන්තයෙනි. මදුරු විශේෂයක් මාර්ගයෙන් ආසාදනය වන මෙම වෛරසය හේතුවෙන් කුඩා දරුවන්ගේ මොළය ආශ්‍රිත ආබාධ සහ තවත් දුර්ලභ ආබාධ තත්ත්වයන් ඇති බව වෛද්‍ය විශේෂඥයෝ පවසති.

එය ආසාදනය වීමෙන් පසු මොළය හැකිළෙන අතර හිසේ ප්‍රමාණය කුඩා වන බව හඳුනාගෙන ඇත. මෙම වෛරසය මදුරුවන් මාර්ගයෙන් ආසාදනය වුවත්, ලිංගික සබඳතා හරහා ද එය ආසාදනය විය හැකි බව සොයාගෙන තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha