තවත් omicron ආසාදිතයින් මෙරටින්..? සෞඛ්‍ය අංශ වලින් විශේෂ දැනුම්දීමක්..

By Sewvandhi Dec 04, 2021 09:29 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඔමික්‍රෝන් ආසාදිත තවත් පුද්ගලයින් මෙරට සිටිය හැකි බැවින් ඔවුන් පිළිබඳ අවධානයෙන් සිට නිවැරදි තොරතුරු ලබාදෙන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර ඊයේ (03) දිනයේදීත් මෙරටින් කොවිඩ් ආසාදිත පුද්ගලයින් 725 ක් වාර්තා වුණා.

පෙරේදා සිදු වූ බවට සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා ඊයේ දිනයේදී තහවුරු කළ මරණ සංඛ්‍යාව 20 ක්. ලෝකයේ සීග්‍රයෙන් පැතිර යන විකෘති ඔමික්‍රෝන කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදිතයෙකු මෙරටින් ප්‍රථමවරට හඳුනාගත් බව සෞඛ්‍ය අංශ ඊයේ (03) නිවේදනය කළා.

මාරවිල, තලවිල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන ඇය පසුගිය 24 වැනිදා මෙරටට පැමිණ තිබුණේ නයිජිරියාවේ පැවති වැඩමුළුවකට සහභාගීවීමෙන් අනතුරුවයි.

පසුගිය 27 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් 06 ක් සංචාරකයින්ට මෙරටට පැමිණීම තහනම් කිරීමට රජය තීරණය කළ අතර සෞඛ්‍ය අංශ පවසන්නේ ඊට පෙර මෙරටට පැමිණි පුද්ගලයන් අතර මෙම රෝගය ආසාදිත ඔවුන් සිටිය හැකි බවයි.

මේ අතර, නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් 19 රෝගීන්ගේ සීග්‍ර වර්ධනයක්දක්නට ලැබෙන බවද සෞඛ්‍ය අංශ පවසනවා.

එමෙන්ම,මෙතෙක් කොරෝනා ආසාදිත ව මෙරට මිය ගිය පුද්ගලයින් 69%ක් කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා කිසිවක් ලබාගෙන නොතිබූ අය බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

එමෙන්ම කොරෝනා ආසාදිතව මරණයට පත් වූ පුද්ගලයන්ගෙන් 31%ක් එක් මාත්‍රාවක් හෝ එන්නත් ලබා ගත් අය බවද හෙතෙම පෙන්වා දෙයි. කොරෝනා මරණ වලින් 77%ක් වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයන් බවත් පැවසූ ඔහු වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයන්ට මිය ගොස් ඇත්තේ 1.2%ක් බවද පැවසීය.

එමෙන් ම මරණයට පත්වූ සියලු දෙනාගෙන් 81%ක් මොන කිනම් හෝ නිදන්ගත රෝගයකින් පෙළෙන අය බවද හෙතෙම තවදුරටත් පැවසීය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW