මාස 4ක් ඇතුලත රෝගීන් 505 ක් මිය ගිහින්..පැතිර යන තවත් භයානක රෝගයක් ගැන දැනුම්දීමක්..

COLOMBO COVID19 KALUTHARA DENGUE
By Sewvandhi Nov 06, 2021 04:46 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක් ලබන සඳුදා සිට ආරම්භ කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එම විශේෂ වැඩසටහන ලබන 13 වනදා දක්වා පැවැත්වෙන බව එම ඒකකය සඳහන් කළේය.

කොළඹ, ගම්පහ, කළුතර, මඩකලපුව සහ කල්මුණේ යන ප්‍රදේශවල මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ. 2021 වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු යැයි සැක කරන රෝගීන් 22,902 දෙනෙකු හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.

ඉන් පුද්ගලයින් 2,979 දෙනෙකු පසුගිය ඔක්තෝබර් මාසය තුළ හඳුනාගෙන ඇති බව සඳහන් වේ. එමෙන්ම මෙම මාසයේ ගත වූ දින 04ක කාලය තුළ ද රෝගීන් 505ක් හඳුනාගෙන තිබේ.

ඒ අනුව ඉදිරි සති කිහිපයේදී ඩෙංගු රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් අපේක්ෂා කරන බව ද එම ඒකකය සඳහන් කළේය. එබැවින් තම නිවාස පරිශ්‍රය වෙත පැමිණෙන ඩෙංගු මර්දන කණ්ඩායම වෙත එම කටයුතු සාර්ථක කර ගැනිම සඳහා සහාය දක්වන ලෙස ජාතික ඩෙංගු මර්ද ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha