Covid19 රෝගය බෝ කරන පුද්ගලයන් සමාජය පුරා - සෞඛ්‍ය අංශයෙන් රතු නිවේදනයක්..!

COVID19 VACCINATION HEMANTHA HERATH GUILD LINES QUERANTINE
By Sewvandhi Nov 26, 2021 08:41 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රෝග ලක්ෂණ රහිතව රෝගය බෝ කරන පුද්ගලයන් සමාජය පුරා සිටිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. මේ අතර එළඹෙන උත්සව සමය තුළදී වඩාත් සෞඛ්‍යාරක්ෂිත ලෙස ක්‍රියාකළ යුතු බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා

"සෞඛ්‍ය අංශ විසින් 5000 ඉක්මවා දෛනික PCR පරීක්ෂණ මේ වනවිටත් සිදුකරගෙන යනවා, හැබැයි රටේම ජනතාවගේ PCR කළත් අපිට හමුවෙන්නේ රෝගය වැළඳුනාන් පසුවයි. අපි අපේක්ෂා කරන්නේ ඒක නෙවෙයි. රෝගය වැළඳෙන්නේ නැතුව ඉන්න එක. ඒ සඳහා සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න. මේ මොහොතේ එන්නත් ආවරණයත් සමඟ රෝග ලක්ෂණ රහිතව රෝගය බෝ කරන පුද්ගලයන් අප අතරම සිටිය හැකියි. ඒ නිසා අපි සියලුදෙනාම වැඩි වැඩියෙන් ආරක්ෂාවිය යුතුයි.

මරණ වැඩිවීමෙන් පිළිබිඹු වනවා රෝගීන්ගේ අඩුවක් නැති බව පැහැදිළියි. පරීක්ෂණ කරලා හොයාගන්නකොට පරක්කුවෙලා වැඩියි. බොහෝ වෙලාවට දැකපු දෙයක් තමයි අද සාප්පු සවාරි දිනයක් හැටියට ප්‍රචාරය කරනවා. මේක ලංකාවේ තිබුණු සම්ප්‍රදායක් නෙවෙයි. අලුතෙන් එකතුවෙන දෙයක්. නමුත් මට කියන්න තියෙන්නේ අපි සාප්පු සවාරිය ආරම්භ කරනවානම් කමක් නෑ.අදම ආරම්භ කරන්න ප්‍රමාද කරන්නේ නැතුව.

ඒවගේම තමා ඒ ආරම්භ කළත් ඒ සෑම අවස්ථාවකම ඒ සාප්පු සංකීර්ණ කළමනාකරණය කරන අය, මේකට සහභාගී වෙන අය සියලුදෙනාම උපරිමයෙන් සෞඛ්‍ය පුරුදු අනුගමනය කලයුතුයි. ඒවගේම තමා හැකි ඉක්මණින් මිලදීගැනීමේ ක්‍රියාව අවසන් කරලා සුළු කාලයකින් එම ස්ථානවලින් පිටව යන්න.

ඒ වගේම කල් ඇතුව සාප්පු සවාරි කරලා ඉවරකරගන්න. අවුරුද්ද අවසාන වෙනකොට අපි කවුරුත් දන්නවා, බොහෝදෙනෙක් අවසාන මොහොතේ සාප්පු සවාරි යන නිසා විශාල තදබදයකට මුහුණදෙන්න ඉඩ තියෙනවා. එහෙම තත්වයක් ඇතිවුවහොත් සමහරවිට සංචරණ සීමා හෝ වෙනත් මාර්ගෝපදේශ දැඩි කිරීමක් ඇතිවෙන්නේ නැහැයි කියන්න බෑ.ඒ නිසා හැකි ඉක්මනින් සාප්පු සවාරි සෞඛ්‍ය ආරක්ෂිතව අවසන් කර ගන්න."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW