පාසැල් වසා දමා නැවතත් සංචරණ සීමා..?

COVID19 HEMANTHA HERATH LOCK DOWN DR DEEPAL
By Sewvandhi Nov 18, 2021 09:14 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දරුවන් අතර කොරෝනා වෛරසය පැතිර යාම ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි. මෙම තත්ත්වය මත නැවතත් රටේ පාසැල් පද්ධතිය වසා දැමීමට සිදු වීමේ හැකියාවක් ඇති බවද හෙතෙම පැවසීය.

මේ හේතුවෙන් වැඩිහිටියන් මේ ගැන වඩාත් සැලකිලිමත් විය යුතු බවත් වෛරසය නිවස රැගෙන යාම වළක්වා ගැනීමට කටයුතු කළ බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ තවදුරටත් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහත ගියොත් පළමුවෙන්ම පාසල් පද්ධතිය වසා දැමීමට සිදු වනු ඇති බවයි.

ආසාදිතයන් තව දුරටත් ඉහල ගොස් විකල්පයක් නැති වූවොත් නැවතත් සංචරණ සීමා පැනවීමට සිදුවනු ඇති බවද ඔහු කියා සිටියේය.

මේ අතර ,විනෝද චාරිකාවල නිරතවන ඇතැම් පිරිස් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරමින් සිටින බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් චෝදනා කරති. එමෙන්ම ඇතැම් පිරිස් වගකීම් විරහිතව කටයුතු කරමින් සිටින බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

"මේ සතිඅන්තයේ විශාල ප්‍රමාණයක් විනෝද චාරිකා ගමන්කරන ආකාරය පෙනෙන්ට තිබෙනවා. ඒ වගේම සතිඅන්තය ගතකිරීම සඳහා නොයෙකුත් ප්‍රදේශවලට ගමන් කරන බව පෙනෙන්නට තිබෙනවා. කෙසේවෙතත් මේ වෙද්දි ලංකාවේ බොහෝ ප්‍රදේශවල විනෝද චාරිකා ගමන්කරන පිරිස් සෞඛ්‍ය උපදෙස් නොතකමින් කටයුතු කරනවා.

විශාල වශයෙන් වාර්තා වෙනවා වැව් ආශ්‍රිතව ඒ වාගේ ස්ථානවල විනෝද වෙමින්, දියනාමින් කටයුතු කරනවා. සතිඅන්ත නිවාඩුව ගත කරන්න ඔබ කොහේ හරි ගිහිල්ලා ඉන්නවා නම් ඒ සෑම ස්ථානයකම සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න කියලා ඉල්ලනවා. ඔබගේ වගකීම් යුතු හැසිරීම මේ සතිඅන්තයේ, ඉදිරියේදී නත්තලට රට වසාදමනවාද ? පාසල් වසාදමනවාද ? කියන එක තීරණය වෙනවා ඒ නිසා වගකීමෙන් කටයුකු කරන්න කියලා ඉල්ලනවා."

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW