කොරෝනා පොකුරු ඇති වන ආකාරය ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීමක්
කොරෝනා ආසාදිතයින් 679 දෙනෙකු ඊයේ දිනයේ වාර්තා වූ අතර කොරෝනා ආසාදිත මරණ 19ක් ද සිදුව ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ අතර, ඕනෑම කොරෝනා ආසාදිතයෙකු වාර්තා වන ස්ථානයක තවත් පොකුරු ඇති විය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
ඊයේ දිනයේ හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් 679 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පන්ලක්ෂ 45,935 ක් දක්වා ඉහළ ගියා. එසේම බෙන්තොට ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක සිසුන් 17 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.
ඒ, එම පාසලේ සිසු සිසුවියන් 51 දෙනෙකු වෙනුවෙන් සිදු කළ කොරෝනා පරීක්ෂණයකින් අනතුරුවයි. ඔවුන් අලුත්ගම, බෙන්තොට, ඌරගස්මංහන්දිය සහ කොස්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි සදහන් කළේ.
මේ අතර, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ එහි අධ්යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව කියා සිටියේ ඕනෑම කොරෝනා ආසාදිතයෙකු වාර්තා වන ස්ථානයක තවත් පොකුරු ඇති විය හැකි බවයි.
එමෙන්ම, විනෝදාස්වාද ඇතුළු සංචාර කටයුතු සිදුකිරීමේදී ජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන ස්ථානවලට නොයා සිටීම සුදුසු බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළේ.
එමෙන්ම , කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබා නොගත් පිරිසට පොදු ස්ථාන වෙත ඇතුළු වීම තහනම් කිරීමට නීතිමය අනුමැතිය හිමිව තිබේ. (08) පාර්ලිමේන්තුමේන්තුවේ දී මේ පිළිබඳ අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කර සිටියේ, නීතිපතිවරයා විසින් එයට අදාළ අනුමැතිය ලබාදුන් බවය.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
"ගිය සතියේ මං නීතිපතිතුමාගෙන් අවසරයක් ඉල්ලුවා නීතියේ රාමුව තුළ, අවසරයක් තියෙයි ද කියලා වැක්සීන් දෙකම ගත්තේ නැති කට්ටියට පොදු ස්ථානවලට යන්න බැරිවෙන්න. දැන් මට අද ලැබිලා තියෙනවා එය නීතියානූකූලව කරන්න පුළුවන් කියලා. මම බලාපොරොත්තු වෙනවා එයට නීතියානුකූලව ඒ කටයුත්ත කරන්න. ලෝකයේ දියුණු රටවල් ගණනාවක් ඒ දේ කරලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය විදියට වැක්සීන් දෙකම ගන්න පුළුවන් ඇප් එකක් හදලා ඒ ඇප් එක එක නැත්නම් පොදු ස්ථානවලට යන එක තහනම් කරන්න. ඒකටත් උසාවි යයි. නමුත් ඒකට මුහුණදෙන්න සිද්ධවෙනවා."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
