වනිඳු හසරංගට වටිනා අවස්ථාවක් ලැබෙයි.

Cricket Sri Lanka Cricket Sri Lanka Wanindu Hasaranga
By krishani Jul 05, 2023 05:54 PM GMT
krishani

krishani

Report

ජුනි මාසයේ ICCයේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා යෝජිත නම් අතරට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග නිර්දේශ වී ඇති බව වාර්තා වෙනවා.

ඒ එක් එක් මාසය තුළ ක්‍රීඩකයින් විසින් දක්වන දක්ෂතා සැලකිල්ලට ගනිමින් ය. 

සිම්බාබ්වේ ක්‍රීඩක Sean Williams සහ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක Travis Head ජුනි මාසය සඳහා නිර්දේශිත සෙසු නම් වේ.

කෙසේවෙතත්, සිම්බාබ්වේහිදී පැවැත්වෙන ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ දී දැක් වූ දක්ෂතා පදනම් කරගනිමින් වනිඳු මෙලෙස දක්ෂතම ක්‍රීඩකයා සඳහා වන නිර්දේශිත නාමයන් අතරට ඇතුළත් වී ඇත්තේ.