20- 20 ශ්‍රේණි ගත කිරීම් වල අංක 1ට වනිදු පත්වෙයි.

cricket wanindu hasaranga Sri lanka ICc
By Sithumi Nov 03, 2021 08:36 AM GMT
Sithumi

Sithumi

Report

ජාත්‍යන්තර 20 - 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ  අංක 1 ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග සමත්වී තිබෙනවා .

එසේම තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ  සිව් වන ස්ථානය දක්වා හෙළට පැමිණීමට ඔහු සමත් වී තිබෙනවා.

තවද ,

 විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුළු දවාගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිදු හසරංග සමත්ව තිබේ. වනිදු හසරංග තරග හතරකදී දවාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 14කි. 

වනිදු මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය දක්වා පැමිණියේ එංගලන්තය සමග පැවැති තරගයේදී කඩුළු 3ක් දවා ගැනීමත් සමගය. 

වැඩිම කඩුළු දවාගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් රුදී සිටින අතර, ඔහු දවාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 11කි. එම ලැයිස්තුවට අනුව මහීෂ් තීක්ෂණ කඩුළු 8ක් දවාගෙන 5වන ස්ථානයේ රුදී සිටින අතර, කඩුළු 8ක් දවාගෙන ලහිරු කුමාර 6වන ස්ථානයේ රුදී සිටියි.

ReeCha